Jul
25
හමුදාපතිගේ සෘජු තීරණයෙන් මහ විපතකින් රටම බේරෙයි
කොළඹ ජාතික උණ රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලට ඇතුළු වීමට නොදී නවතා ගෙන තිබුණේ එහි සේවය කරන ලද සේවකයෙකු විසිනි.
සමාජ ජාල ඔස්සේ පින්තූරයක් දැක ආසාදිතයා ඔහු බව හඳුනාගෙන තමන් වහාම රෝහල ආසන්නයේ බිම ඉදගන්නා ලෙද දැනුම් දී පොලිසිය දැනුවත් කළ බවයි.
එමෙන්ම ආසාදිතයාද රැගෙන එහි පැමිණි ත්‍රීරෝද රථ රියදුරා කිසිවෙක් ඉන් පිටව නොගොස් එහිම රැඳී සිට නිරෝධායන කටයුතු සඳහා ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වීමක් අගය කළ යුත්තකි.
මීට පෙර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්තානයේ ආසාදිතයන් රැඳවීම සඳහා ප්‍රතිකාර කරන ස්ථානය සම්බන්ධ වූ සාකච්ඡාවක දී යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන් කියා සිටියේ එම රැඳවියන් රජයේ රෝහලකට ගෙනවිත් ප්රතිකාරක යුතු බවයි.
නමුත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැඩිව කියා සිටියේ මෙම ආසාදිතයන් ජනාකීර්ණ ප්‍රදේශවල ගෙන ආවොත් වෛරසය තවදුරටත් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් ආසාදිත රැදවියන් පාලනය කිරීම අසීරු කටයුත්තක් බවත් ය.
ඔහුගේ එම පුරෝකතනය ඉතාමත් සත්‍යයට බව තහවුරු කරමින් අද දින මෙම සිදුවීම සිදු විය.
ජාතික සේවකයන් මෙන්ම ත්‍රිරෝද රථ රියදුරා නිසා සමාජ ව්‍යාප්තියකින් වීමට තිබූ මහා විනාශයක් වලකා ගන්නට හැකි වී තිබේ.