Jul 24

අම්පාර නගරය පරිපාලන කේන්ද්‍රයක් කරනවා..- අගමැති


යහපාලන රජය සමයේ සංහිඳියාව නමින් අමාත්‍යංශයක් තිබුණ ද රටට ලැබුණු සංහිදියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ හෝටල්වල වැඩමුළු, ප්‍රචාරක වැඩසටහන් පවත්වමින් කෝටි ගණන් වියදම් කළ මොවුන් සිදු කළේ ජාතීන් අතර විරසකය ඇති කිරීම යැයිද අග්‍රාමාත්‍යවරයා අම්පාර, කල්මුනේ නගර ශාලාවේ පැවැති හමුව අමතමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ ඔබගේ කල්මුණේ ප්‍රදේශයට එන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ ප්‍රදේශයේ වගේම මුළු අම්පාරෙම ජීවත් වන්නේ අවුරුදු 30ක් එක දිගට යුද්දෙන් බැට කෑව ජනතාවක්. ඇතැම් ප්‍රදේශවල අවුරුදු 20ක් කූඩාරම්වල අනාථයින් වගේ ජීවත්වුණ අයත් ඉන්නවා. ඒ වගේමයි යුද්දේ තිබුණ කාලේ කාටවත් හොඳ පාසල් ගැන හිතන්න ලැබුණේ නෑ. ඒ නිසාම ඒ කාලේ දරුවන්ට හොඳ අනාගතයක් ගැන හිතන්න ලැබුණෙත් නෑ. හොඳ රස්සාවල් ගැන හිතන්න කාටවත් ඉඩක් ලැබුණෙත් නෑ.

ඒ කාලේ මට මතකයි පාරවල් හදාදෙන්න, රස්සාවල් දෙන්න, ප්‍රදේශය සංවර්ධනය කරලා දෙන්න කිව්වාම ආණ්ඩුව කිව්වා යුද්දෙට වියදම්වෙන හින්දා ඕවට දෙන්න සල්ලි නෑ කියලා. අනෙක් අතට යුද්දෙ ඉවරයක් කරන්න කිව්වම කිව්වා අධ්‍යාපනයට, රැකී රක්ෂාවලට, රෝහල්වලට වියදම් කරන්න තියෙන හින්දා යුද්ධ කරන්න සල්ලි නෑ කියලා. මේ ප්‍රෝඩාව අවුරුදු 30ක් තිස්සේ තිබුණ ආණ්ඩු කරගෙන ගියා. අම්පාර කල්මුණේ විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව ඒ අවුරුදු 30ම හිටියේ අඳුරේ.

අපි අවුරුදු 30ක් තිස්සේ තිබුණ ඒ යුද්ධය නිමාකළා. ලක්ෂ ගණන් ජනතාවට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැතිව සැනසීම ලබා දුන්නා. අපි කවදාවත් ජනතාවට බොරු කිව්වේ නෑ. නමුත් පහුගිය යහපාලන ආණ්ඩුව බලය අරගෙන කිව්වා වැඩ කරන්න සල්ලි නෑ කියලා. අපේ ආණ්ඩුව ණය අරගෙන තියෙන හින්දා ණය ගෙවා ගන්නවත් සල්ලි නෑ, ඒ නිසා වැඩ කරගන්න බෑ කියලා තමයි ඒ අය පහුගිය අවුරුදු හතරෙම ජනතාවට කිව්වේ.

පහුගිය යහපාලන ආණ්ඩුව ණය අරගෙන තියෙනවා, ඒ හින්දා රට හදන්න බැහැ කියලා අපි කිව්වේ නෑ. කියන්නෙත් නෑ. අපි කොහොමත් නැහැයි කියන්නෙත් නෑ. බැහැයි කියන්නෙත් නෑ.

ඒ වගේම සංහිඳියාව කියලා කෝටි ප්‍රකෝටි ගණන් කොළඹ ඉඳන් වියදම් කරලා මේ ප්‍රදේශවල ඉන්න ජනතාවගේ ප්‍රශ්න අමතක කරලා බොරු වැඩවලට වියදම් කරන්නෙත් නැහැ.

පසුගිය ආණ්ඩුව සංහිඳියා අමාත්‍යාංශයක් හැදුවා. කොළඹ හෝටල්වල ඉඳගෙන වැඩමුළු, ප්‍රචාරක වැඩසටහන්වලට කෝටි ගණන් වියදම් කළා. නමුත් රටට ලැබුණ සංහිඳියාවක් නෑ. ජාතීන් අතර විරසකය තමයි ඇති කළේ. මුස්ලිම් ජනතාවගේ වෙළෙඳාම් වැටුණා. මහපාරේ ව්‍යාපාරික කටයුතු කරන මුස්ලිම් ව්‍යාපාරිකයාගේ ඉඳන් මහාපරිමාණ මුස්ලිම් ව්‍යාපාරත් පහුගිය ආණ්ඩු කාලේ වැටුණා. නොයෙක් ප්‍රදේශවල ගැටුම් ඇති වුණාම ඒවා සංසිඳුවා ගන්න ඉදිරිපත් වෙන්නැතිව හැංගුණා. නමුත් මමයි ඒ ජනතාව අතරට ගිහිල්ලා ඔවුන්ගේ බිය නැති කරලා ඔවුන් තුළ විශ්වාසයත් ඇති කෙරෙව්වේ. පොතුවිල් ආසනයේ අක්කරෙයිපත්තුවට එහා තියෙන ගම් 07කට තවමත් බොන්න වතුර නෑ. සංහිඳියාවට කළ වියදමෙන් අක්කරේපත්තුවට බොන්න වතුර දුන්නා නම් ඒකෙන් පිපාසයවත් සංසිඳෙනවා. තිරුක්කෝවිල් මූලික රෝහලේ ඉන්නේ දොස්තරලා කීදෙනෙක්ද. එක ගිලන් රථයයි තියෙන්නේ. වී.ඕ.ජී ලා නෑ. සංහිඳියාවට වියදම් කරපු සල්ලිවලින් ඒ රෝහල් දියුණු කළා නම් අකාලයේ ලෙඩ රෝගවලින් මැරෙන මිනිස්සු තවමත් ජීවත්වෙනවා. සමන්තුරෙයි ආසනයේ ළමයි ඉස්කෝලේ යන්නේ බොහොම දුරක් පයින් ඇවිදගෙන. සංහිඳියාවට වියදම් කළ සල්ලි වලින් ඉස්කෝලෙට බස් එකක් දුන්නා නම්. ඒ දරුවෝ නිදහසේ කලට වේලාවට ඉස්කෝලෙට යනවා.

මේ ප්‍රදේශවල වැඩිපුර ඉන්නේ කුලී වැඩ කරන, ගොවිතැන් කරන අය. ඉගෙන ගත්ත අයට මේ ප්‍රදේශවල රස්සාවල් නෑ. අර සංහිඳියාවට වියදම් කරපු සල්ලි කර්මාන්තයක් දියුණු කරන්න යෙදෙව්වා නම්, ඉගෙනගත්ත දරුවෝ දහස් ගණනක් මෙහෙම රස්තියාදු වෙන්නේ නෑ.

අපි දන්නවා ක්ෂුද්‍ර මුල්‍ය ණය අරගෙන බොහෝ පිරිසක් අමාරුවේ වැටිලා ඉන්නේ. සමහර කාලවල මේ ප්‍රදේශවල කාන්තාවන් සියදිවි නසාගන්න පවා උත්සාහ කළා. ඒ අතරේ UNP ආණ්ඩුව කළේ මහබැංකුව කඩලා බිලියන ගාණක් හොරකම් කර ගන්න එක. ඒගොල්ලෝ එහේ බිලියන ගණන් හොරකම් කරනකොට කල්මුණේ කාන්තාවන්ට වුණේ ක්ෂුද්‍ර මුල්‍ය ණය ගෙවාගන්න බැරිව සිය දිවි නසාගන්න.

තමුන්නාන්සේලා පහුගිය ඡන්දවල අලියට ඡන්දේ දුන්නා. නමුත් වන අලියාගෙන් තමුන්නාන්සේලාව බේරගන්න ඒ ආණ්ඩු මොනවත් කරලා නෑ. තවමත් මේ පළාත්වල ජීවිත වගේම ගොවිතැනත් වල් අලි විනාශ කරනවා. නියඟයක් ආවහම හැමදාමත් සහනාධාර ඉල්ලගෙන යනවා. තාවකාලික නිවාස 10,000කට වඩා තියෙනවා. ඒවා සංවර්ධනය කරන්න කවුරුවත් මොනවත් කරලා නෑ.

අපි ඉදිරියේ දී අම්පාර දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ඕනේ. අද කොවිඩ්-19 නිසා සංචාරකයෝ ආවේ නැති වුණාට සංචාරකයෝ එන්න පටka .ත්තdම මේ පළාත්වලට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. අම්පාර කියන්නේ පරිපාලන නගරයක්. ඒත් තවමත් මේ නගරය ඒ මට්ටමට සංවර්ධනය වෙලා නෑ. අපි අම්පාර නගරය පරිපාලන කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශවල වාරි කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය පියවර ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි මේ පළාත්වල ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳන්න ඕනේ. තියෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්න වගේම අලුතින් වැව් හදන්නත් ඕනේ. ඔබ ගෙවල්වල ඉඳගෙන කරන රෙදි පිළි කර්මාන්තය ඉහළ නැංවීමට රජයක් හැටියට අපි අතහිත දෙනවා, ඔබේ රෙදි පිළි නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් හදා දෙන්න අපි කටයුතු කරනවා.

– සිසිර මුණසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.