Jul 30

බාල දරුවන්ව අපයෝජන කල රූපවාහිනී රියැලිටි ගුරු මෙහෙවීම ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකික වෛද්‍යවරයෙක්..


බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්ඩංගුවට ගත් ගුරුවරයා මෙම ජාවාරම සිදු කොට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සමග හවුල් වී බව හෙළිවී ඇත.

දරුවන් අපයෝජනය කොට වීඩියෝ දර්ශන විදේශ රටවලට විකුනන ලද පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගනනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.

මෙම සිදුවීමෙන් පසු ඔහු විදේශගතවී ඇති අතර මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා සහ රියැලිටි’ වැඩසටහන් ගුරුවරයා දීර්ඝ කාලීන මිතුරන් වෙති.

දරුවන්ට ලිංගික අතවර කර තැටි විකිණූ ‘පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ නිවෙස පරික්‍ෂා කිරීමේදී ඉහත කී දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන සීඩී තැටි 135ක් හා ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්,මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

මොහු දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය චිත‍්‍රපට ආකාරයට රූගත කිරීම් සිදුකර ඇති අතර එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින Paedophilia හෙවත් කුඩා දරුවන් කෙරෙහි දක්වන විකෘති කාමාශාවෙන් පෙලෙන පුද්ගලයන්ට අලෙවි කර මුදල් ලබාගන්නා බවට බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම සඳහා ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයාද මොහුට සහාය දී තිබේ.

-lankacnews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.