Jul
30
චන්ද්‍රිකා මැදුම් පිලිවෙතට එයි. රජයෙන් දුන් වාහන ආපසු බාර දෙයි
තමන්ගේ භාවිතය සඳහා ලබා දී තිබූ වාහන 04 චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය විසින් ආපසු රජයට භාර දී තිබේ.
අද වන විට ඇති වී තිබෙන රටේ මූල්‍ය දුෂ්කරතාවය සමනය කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඇය විසින් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
ඇයට හිටපු ජනාධිපතිනිය ලෙස වාහන 12 ක් ලබාදී තිබු බවත් ආරක්ෂක අංශයට 03ක් සහ පුද්ගලික භාවිතය සඳහා වාහන 09ක් වූ බව ඇය පවසයි.
ඒ අනුව වාහන 04ක් ආපසු භාර දුන් බවත් ඉදිරියේදී ඉතිරි වාහන 08ත් රජයට නැවත භාරදීමට කටයුතු කරන බවත්ය.