Jun
11
ශ්‍රී ලාංකිකයෙකුව කැනඩාවේදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කරයි
යාපනයේ දෙමළ වැසියෙකු කැනඩාවේදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කොට ඇති බවට 10 දා යාපනයේ ඥාතීන්ට තොරතුරු එවා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ කුරුම්බාසෙට්ටි ප්‍රදේශයේ පදිංචිව සිට වසර අටකට ඉහතදී කැනඩාවට ගිය හතළිස් පස් හැවිරිදි මදන් මහාලිංගම් නැමති අයෙකි.
මහාලිංගම්ගේ මළ සිරුර කැනඩාවේ යෝර්ක් ප්‍රදේශයේ මහා මාර්ගයක් අසල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මියගිය අයගේ ලේ ඥාතියෙකු කැනඩාවේ සිටින අතර ඔහුට මේ පිළිබදව තොරතුරු ලැබීමෙන් පසුව යාපනයේ සිටින මහාලිංගම්ගේ ඥාතීන්ව දැණුවත් කොට තිබේ.
ඔවුන් කියා සිටියේ පොලිස් පරීක්ෂණ අවසන් නොවීමත් කොරෝනා වසංගතයත් නිසා ඔහුගේ මළ සිරුර යාපනයට රැගෙන ඒමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
Source - මව්බිම