Jun 10

"මාස දෙකකින් මගේ සැමියා ගෙදර ආවේ නැහැ"


ජනප්‍රිය චරිතයක් කියන්නේ එක්තරා දුරකට සිරගත කළ ජීවිතයක්ද එහෙමත් නැත්නම් ආශීර්වාද ලත් ජීවිතයක්ද අද කාලේ දකින්න අහන්න ලැබෙන බොහෝ කතාබහ සමග අපිට ආයෙමත් ජනප්‍රියත්වය පිළිබඳ කියවීමකට යන්න සිදුවෙලා. මේ ජනප්‍රිය ජීවිතවල ඇතුලාන්තයන් හෙළිදරව් වීමේ කලබෑගෑනිය අතරෙ අපි ජනප්‍රිය චරිතයකට ඇරියුම් කළා. ජනප්‍රියත්වය නාමයෙන් ස්වකීය ආරදණීන් වෙනුවෙන් කතා කරන්න ඇය ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි වික්‍රමසිංහ.

මේ දවස්වල කාලය ගෙවෙන්නෙ කොහොමද?

මේ කාලයේ ගොඩක් වෙලාවට ගෙදරමයි ගෙදර වැඩ කටයුතු එක්ක කාර්යබහුලයි.

සන්දර්ශන අඩුවීමට ඔබට බලපාල නැතිද?

ඒක ගොඩක් දැනෙන කාරණයක්. ඒත් ඒක නොදැනුණා වගේ ඉන්නවා. මොකද මේක මුළු ලෝකයටම බලපාපු කාරණයක් නිසා. පහුගිය වසරෙත් අපිට තිබුණ සංදර්ශන සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. මේ අවුරුද්දෙත් එහෙමමයි.

අතහරින්න සිදුවුණ වැඩ අතර පැවති විශේෂ වැඩ මොනවද?

අපි ගොඩක් කාලයක ඉඳලා සැලසුම් කළ විදේශ ප්‍රසංග තුනක් දින නියමයක් නැතිව කල් ගියා. ඒ වගේම අප්‍රේල් මාසයේ තමයි කලාකරුවෙක්ට වැඩිම සන්දර්ශන තියෙන්නෙ. ඒ හැම සන්දර්ශනයක්ම කල්ගියා. පසුගිය වසරෙ කරන්න බැරිවෙලා මේ වසරට යොදාගත්ත ප්‍රසංගත් කල්ගියා මේවා කෙරෙයිද නොකෙරෙයිද කියල දන්නෙ නැහැ.

ඔබගේ සැමියා වෛද්‍යවරයෙක් නිසා කොරෝනාව ඔබගේ පවුලට වෙනස් විදිහට දැනුණ තත්ත්වයක් වුවාද?

එතනදි අපිට ලොකු කැපකිරීමක් කරන්න වුණා මාසයක් දෙකක් යනතුරු මගේ සැමියා ගෙදර ආවෙත් නැහැ. මොකද එයාට එන්න බයයි නිතරම රෝගීන් එකක් ඉන්න කෙනෙක් විදිහට එයාට පරිස්සම් විය යුතුව තිබුණා. ඒ වගේම මේ රෝගය ගැන හා පවතින තත්ත්වය ගැන දැනුවත්වීම් පවා අපිට ඔහු ඇසුරෙන් ලබාගන්න පුළුවන් වුණා.

පවතින ප්‍රසංග නිහැඬියාවට පිළිතුරක් ලෙස තමන්ගේ මෝටර් රථයේ සිටම ප්‍රසංග නැරඹීමේ ප්‍රවණතාවයක් බිහිවෙමින් පවතිනවා මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කලාකරුවන්ටත් ඔවුන්ගේ ආර්ථිකය යම් මටට්මකින් යළි ගොඩනා ගැනීම අවශ්‍යයයි. ඒ සඳහා එක එක විදිහේ උපක්‍රම විවිධ ආයතන සමග එකතුවෙලා යොදාගනිමින් පවතිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. එවැනි තත්ත්වයකට දායක වෙන්න මමත් හරි කැමතියි. සිද්ධවෙන්න ඕන මේක නවත්තවලම තියන එක නෙවෙයි. විවිධ ක්‍රමවලින් අපිට අපේ රසිකයන් අතරට යන්න උපක්‍රම සොයා ගැනීමයි.

උරේෂා ඔබ ඔබේ රසිකයන් ගැන හිතා වැඩ කරන කෙනෙක්ද?

අපිට ආදරය කරන රසිකයන් මත තමයි අපේ පැවැත්ම රඳා පවතින්නෙ. අපි හොඳ නිර්මාණවලින් රසිකයන්ට වින්දනයක් ලබාදුන්නොත් අපි රසිකයන් අතර රැඳෙනවා. ඒ ගැන නිතර නිතර හිතන්න අවශ්‍ය නැහැ. ජනප්‍රියත්වය හා මුදල් පරමාර්ථය පමණක් පෙරදැරිව නිර්මාණ කළොත් රසිකයන් ලැබෙනවා, මුදලුත් ලැබෙනව හැබැයි ඉක්මනින්ම මිනිසුන් අතරින් අපිව මැකිලා යනවා.

රසිකයන්ට කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත අදාළද නැතිද?

මෙතනදි මාව උදාහරණයකට ගත්තොත් මම කැමති කලා ශිල්පින් ශිල්පිනියන් ඉන්නවා. මම කොහොමද කෙනෙක්ට ආදරය කරන්නෙ. ඊට පස්සෙ ඒ අයගෙ පෞද්ගලික ජීවිතය, ඒ මොන විදිහටද පවුල් ජීවිත ගත කරන්නෙ ඔය වගේ කාරණා එක්ක ඔවුන් කෙරෙහි අප තුළ තියෙන ආදරය අඩු වැඩි වෙනවා.

ඔබ ඔබගේ පෞද්ගලික ජීවිතයේ කාරණා ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගන්න සූදානම්ද?

ගායිකාවක් නෙවෙයි සාමාන්‍ය ගැහැනියක් විදිහට මම ජීවත්වෙන විදිහක් තියෙනවා. මගේ ජීවිතයේ තියෙනවා යම්කිසි ප්‍රතිපත්ති ටිකක් ඒ ප්‍රතිපත්තිවලට අනුව තමයි මම ජීවත් වෙන්නෙ. මම කවදාවත් ජනප්‍රියත්වය උදෙසා මගේ පෞද්ගලික ජීවිතය පාවිච්චි කරන්නෙ, ඒක උකස් කරන්නෙ නැහැ.

ඔබ ඔබේ ජීවිතයේ කාරණා රසිකයන්ට රහසක්ද?

මට පෞද්ගලික් ජීවිතයක් තියෙනවා. ඒක හැමෝම දැනගන්න ඕන. පෞද්ගලික ජීවිතයක් ඒක රහසිගතව ගෙනයන ජීවිතයක් නෙවෙයි. මම හරිම විවෘත කෙනෙක්. ඒ විවෘත බව ඇතුළෙ ඕන කෙනෙක්ට මාව හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. අපි යමක් හංගන්න උත්සාහ කළොත් ඒක මිනිස්සු හොයන්න පෙළඹෙනව. කලාකරුවන්ට කවදාවත් රහසෙ කිසිම දෙයක් කරන්න බැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.