Jun 10

ෂැංග්‍රිලා බෝම්බකරු ප්‍රහාරයට පෙර බිරිඳට යැවූ හඬ පටය


පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් විසින් ප්‍රහාරයට පෙර දින මධ්‍යම රාත්‍රීයේදී පටිගත කළ හඬපටයක් පිළිබඳව පළමුවරට කරුණු අනාවරණය වී තිබෙනවා. අදාළ ප්‍රහාරය සිදුකිරිමට හේතු දැක්වෙන එම හඬ පටය  දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඔහුගේ නිවසේදී පටිගත කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉල්හාම් විසින්  එම හඬපට “පෙන්ඩ්‍රයිව්“ එකක දමා සිය බිරිඳට ලබා දී දෙමව්පියන්ට ඇසීමට සලස්වන ලෙස දැනුම් දී ප්‍රහාරය සඳහා නිවසේ සිට පිටත්ව ගොස් ඇති බවයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ.

ෂැංග්‍රිලා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් දෙමටගොඩ නිවසට පැමිණ හඬපට දෙකක් පටිගත කර ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඉන් එක් හඬ පටයක් 20 වැනිදා රාත්‍රියේ  11.48ටත් අනෙක් හඩපටය අලුයම 12.03ටත් පටිගත කර ඇති බවයි කොමිසම හමුවේ අනාවරණය වුනේ.

ඒ අනුව දමිළ භාෂාවෙන් පටිගත කර ඇති අතර එම හඬ පටය කොමිසම හමුවේ අසන්නට සලස්වා එම හඩපටයේ සිංහල පරිවර්තනයක් උප පොලිස් පරීක්ෂක දුනේෂ් මලිත අයගමගේ මහතා විසින් කොමිසමට ඉදිපත් කරනු ලැබූ අතර එහි සඳහන්ව තිබුනේ මාගේ අම්මාට, තාත්තාට, සහෝදර, සහෝදරියන්ට ලබා දෙන පණිවිඩයයක් බවත්, හදිසියෙන්ම වෙලාවක් නැතිව මෙම පණිවිඩය ලබා දෙන බවත් මේ සමඟ බොහෝ දේ කථාකරන්න ඇතත් ඊට අවස්ථාවක් නොලැබුණු බවත් ය.

එසේම පියාගේ ආගම ඇදහීමේ ක්‍රියාවලින් අන්‍යාගමිකයන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, හාමුදුරුවන්ට ආධාර ලබාදීම , ආදී කටයුතු ගැනද ඔහු එහි සඳහන් කර ඇති අතර මෙම පටිගත කිරීම ඔහුගේ ඥාතීන් අතට පත්වන විට තමා දෙවියන් ළඟට ගොස් ඇති බවද එහි සඳහන්.

තවද මෙය සිය දිවි නසා ගැනීමක් නොවන බවත් තමන් විසින් කරන දානයක් වන බවත් එම හඬපටයේ සඳහන් වන අතර තමා මෙසේ අන්‍යාගමිකයන් මරාගෙන මැරෙන්නේ, දෙවියන් ගාවට යාමට අවශ්‍ය නිසා බවයි එහි සඳහන් වන්නේ.

Source - නෙත් Gossip
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.