Jun 10

තාත්තා වෙනුවට පුතාව පොලිසියට රැගෙන ගිය පොලිස් මාමලාගේ චන්ඩිකම්


අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවකු නිවසේ අනාරක්ෂිතව තනිකොට ඔහුගේ ආරක්ෂාවට සිටි සහෝදරයා බලහත්කාරයෙන් වෑන් රථයක නංවාගෙන යාම සම්බන්ධයෙන් පසුගියදා අකුරැස්ස පොලිසියට චෝදනා එල්ල වුනා.

ඒ සොරකමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය පුද්ගලයකු සොයා අදාල නිවසට ගිය අකුරැස්ස පොලිසියේ නිලධාරීන් අදාල නිවසේ එම පුද්ගලයා නිවසේ නොසිටීම නිසා ඔහු වෙනුවට ඔහුගේ දාහතර හැවිරිදි පුත්‍රයා රැගෙන යාමත් සමඟයි.

ඒ අනුව තමන් මුහුණ දුන් අත්දැකීම 14 හැවිරිදි කවිඳු දිල්ශාන් නමැති එම දරුවා මාධ්‍ය වෙත ප්‍රකාශ මෙලෙස ප්‍රකාශ කළා.

එක පාරටම ජනේලට තට්ටු කළා ඕයි... ඕයි කියලා. මම එකපාරටම බයවුනා. එක්කෙනෙක් පොල්ලක් තියාගෙන හිටියා. අනෙත් එක්කෙනා සවලක් තියාගෙන හිටියෙ.ඊට පස්සෙ මට ඉස්සරහට එන්න කිවුවා අපි පොලිසියෙන් කියලා. මම ඉස්සරහට ඇවිත් ජනේලෙන් බැලුවා.

එක නිළධාරියෙක් නිල ඇඳුමෙන් හිටියා. ඒක නිසා බය නැකිව දොර ඇරියා.ඊට පස්සෙ තාත්තගෙ ෆෝන් එක දෙන්න කිවුවා. තාත්තා හොරොන් කුරුඳු අරන් තියෙනවා කියලා. ඊට පස්සෙ මම නම්බර් එක දුන්නා. තාත්තත් එක්ක ටිකක් වෙලා කතාකරා.

ඊට පස්සෙ තාත්තා එනකන් ඉන්න බෑ අපි ඔයාව එක්ක යනවා කියලා. ඊට පස්සෙ මම කිවුවා මල්ලි විතරයි ඉන්නෙ, මල්ලි දාලා යන්න බෑ කියලා. ඊට පස්සෙ මම කාමරේට ගිහින් ටිකක් වෙලා හිටියා. පස්සෙ එයාලා කාමරේ ලඟටම ඇවිල්ලා ඕයි ඕයි ලෑස්ති වෙන්න කියලා ඉක්මනට කියලා මාව අරගෙන ගියා.

මේ අතර තමන්ට  සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිනිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ දරුවාගේ පියා වන කුරුඳු ව්‍යාපාරික ජයන්ත රූපසිංහ සදහන් කළේ විනාඩි 45 ක් ඇතුලත තමන් නිවසට පැමිණෙන බව පොලීසියට දැන්වුවද විනාඩි පහක් ගත වීමට පෙර තමන්ට නොදන්වා තම දරුවා  වාහනයක නංවා රැගෙන ගොස් ඇති බවයි.

මේ අතර නිවසේ සවිකර තිබු ආරක්ෂිත කාමරාවල අදාල සිදුවීම සටහන්ව තිබූ ආකාරයද ඔහු මෙලෙස පැහැදිළි කළා.

"මම ගෙදරින් යනකොට මගේ නෝනයි මේ ළමයි තුන් දෙනයි කටිටියම හිටියා. මම ගියාට  පස්සේ අපේ නෝනා යනවා අවුරුදු 11 දරුවත් එක්ක කඩපලට. ඉතුරු වෙන්නේ අවුරුදු දෙක හමාරේ මේ දරුවයි. අවුරුදු 14 මේ දරුවා විතරයි.

ගේට්ටුව වහගෙන දොරවල් ලොක් කරගෙන මේ දෙන්නා කාමරේ නිදාගෙන ඉන්න අවස්ථාවේදී පොලීසියෙන් ඇවිල්ලා ඉස්සරහ ගේට්ටුව කම්බි කොක්කක් වැනි දෙයක්  මගින් විවෘත කරලා එතන තියනවා සවලක්. ඒ සවල ගන්නවා එක පොලිස් නිලධාරියෙක්. යුනිෆෝම් ඇඳලා නෑ සිවිල් තමයි හිටියේ. අනිත් එක්කෙනා එතන අයිනේ තියනවා කුරුඳු පොල්ලක්. ඒ කුරුඳු පොල්ල ගන්නවා. දෙන්නා දෙපැත්තෙන් ගේ වට කරලා මෙයාලා නිදාගෙන ඉන්න කාමරේ ජනේලෙන් එබිලා මෙයාට කැ ගහලා මෙයා බය වෙලා තියෙනවා. සවලයි පොල්ලයි තියන නිසා හොරුයි කියලා තමයි විශ්වාස කරලා තියෙන්නේ."

Source - නෙත් Gossip
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.