Jun
01
මේ අවමගුල හොදටම මදි. කොරෝනා ඉවර වුණාම ලොකුවට සැමරුමක්
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන අාරුමුගම් තොණ්ඩමන් මහතාට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් මහතා පැවසීය.
මේ ආකාරයෙන් අවසන් ගෞරවය දැක්වීම තමන්ට කණගාටුවක් වන නමුත් රටේ ආරක්ෂාව වඩා වැදගත් බවත් ඔහු පැවසීය.
අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල උත්සවයේ ස්තුති කතාව පවත්වමින් ඔහු මේ අදහස් පල කළේය.
කොරෝනා ප්‍රශ්නය අවසන් වූ වහාම විශිෂ්ට ලෙස මෙය සමරටන බවද ඔහු පැවසුවේය.
තම පියා පවා මේ ආකාරයෙන් සමුගැනීමකට කැමති නොමැති බවද පැවසූ ඔහු තම පියාට ලබාදුන් සහයෝගයට උඩරට දෙමළ ජනතාවට ස්තුතිය ද පළ කළේය.