Aug
12
අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
ඉන්දියාවේදී මරණයට පත්වූ බවට සැකකෙරෙන පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්රධාන වෙඩික්කරු වූ සොල්ටා හෙවත් අසිත හේමතිලක පොලිස් පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය ප්රකාශ කළේ, ඔහු මුල්ලේරියාව වැලිවිට ප්රදේශයේදී පොලිසියට අත් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට උත්සහ කර ඇති බවය.
එම අවස්ථාවේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසීය.