Jun 01

නිවසේ අයිතිය ගන්න එක කුස උපන් අක්කා නංගිව මරා කැලේට දාලා


වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප‍්‍රදේශයේ තෙලූල්ල ජනපදය නයිගල් ආර ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එම තරුණියගේ සහෝදරියක් සහ ඇගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයකු ඌව කුඩාඔය පොලිසිය විසින් පෙරේදා (28 දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණිය පසුගිය පස් වැනිදා නිවසෙන් අතුරුදන් වී ඇති බවට ඌව කුඩාඔය පොලිසියට තොරතුරක් ලැබී තිබිණි.

ඒ ඔස්සේ සිදු කළ විමර්ශන සහ මියගිය මෙම තරුණියගේ පෙම්වතාගේ උපක‍්‍රමශීලී භාවය නිසා ඊයේ දින (29 දා) දින මෙම අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරිය සහ ඇගේ අනියම් සැමියා විසින් ඝාතනය වූ තරුණිය වැඩට යෑම සඳහා මාර්ගයේ ගමන් කරමින් සිටින අතරතුර ඒ මාර්ගය අසල ඇති කෑලෑවකට රැගෙන ගොස් පොල්ලකින් පහර දී මරා දමා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. එම ඝාතනය සිදු කළ ස්ථානය සැකකරුවන් විසින් පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය එම ස්ථානයට ගොස් සොයා බැලීමේ අස්ථි කොටස්, හිස් කබල, ඇඳුම් සහ බෑගයක්ද සොයාගෙන තිබේ.

දැනට අනාවරණය වන තොරතුරු අනුව මෙම මියගිය තරුණිය ජීවත් වූ නිවස ලබා ගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව කුඩාඔය පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු විසි අටක් වන තැනැත්තියක් වන අතර ඇගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයා වයස අවුරුදු දහ අටක පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර

මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත ඌව කුඩාඔය පොලිසිය ස්ථානාධිපති ප‍්‍ර. පො. ප ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

මොනරාගල - නයන ඉහල ගෙදර
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.