May 31

තණමල්විල කොල්ලෙක් එක්ක ශ්‍රී මාලි තියාගත්ත හාදකම


ශ්‍රී මාලි කලා ක්ෂේත්‍රයට පය තියපු මුල ගැන කතා කරමු?

මට මුලින්ම වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වෙන්න තමයි අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ 2012 වසරේ Mrs ශ්‍රී  ලංකා වුණාට පස්සේ තවත් වෙළෙඳ දැන්වීම්වලට සහ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා.

මේ දවස්වල ප්‍රේක්ෂකයන්ට ඔබව දැකබලා ගන්න පුළුවන් නිර්මාණ ගැන කතා කරමු?

මේ දවස්වල රාවණ සහ තණමල්විල කොල්ලෙක් නිර්මාණ එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. රාවණ නාට්‍යයේ කේතුමතී රැජනගේ චරිතය නිරූපණය කරනවා. තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ ජයනිගේ චරිතය කරනවා. ජයනිගෙ චරිතය තවම ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට අවස්ථාව උදාවුණේ නැහැ. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට එම චරිතය දැකගන්නට ලැබෙයි.

රැජනක් වුණ නිසා ප්‍රතිචාරත් ජය ඇති?

ඔව්, ප්‍රතිචාර ගොඩක් හොඳයි. රාවණ ටෙලිනාට්‍ය ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ. කේතුමතී රැජන කියලත් සමහර ප්‍රේක්ෂකයෝ කතා කරනවා.

කේතුමතී බිසව වැනි චරිතයක් නිරූපණය කිරීම ඔබට අසීරු වුණාද?

මුලදී අභියෝගයක් වුණා. මොකද කතා විලාසය වුණත් වෙනස්. ගුහාව ඇතුළේ තමයි රූගත කිරීම් කරන්න සිද්ධ වුණෙත්. නමුත් අධ්‍යක්ෂතුමා අපිට සහයෝගය ලබා දුන්නා. ඒ දේවල් එක්ක එතරම් අසීරුතාවක් ඇති වුණේ නැහැ.

ශ්‍රී මාලි දැන් නිරූපණ කටයුතුවලින් අෑත් වෙලාද?

මම 2012 වසරේදී මිසිස් ශ්‍රී  ලංකා වුණා. ඒවගේම තරග කිහිපයකින්ම ජයග්‍රහණ ලැබුවා. දැන් මම නිරූපණය කියලා ගොඩක්ම කරන්නේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වීම විතරයි.

සීමා සහිතව නේද නිර්මාණවලට දායකත්වය ලබා දෙන්නෙ?

ඔව්, මම ගොඩක් නිර්මාණ තෝරා බේරා ගෙන තමයි සම්බන්ධ වෙන්නේ. මේ වෙනකොට මම සම්බන්ධ වෙලා ඉන්න ටෙලි නාට්‍ය දෙකම ප්‍රේක්ෂකයො ඉතා ආදරයෙන් වැලඳගෙන තියෙනවා. පසුගිය කාලේ සම්බන්ධ වුණ චිත්‍රපටයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.

ඔබ නිර්මාණ තෝරාගන්නේ මොනවගේ පදනමකින්ද?

මෙහෙමයි, මම මුලින්ම පිටපත කියවලා මට කරන්න තියෙන චරිතෙ බලලා මගේ ප්‍රතිරූපයත් එක්ක යන නිර්මාණවලට සම්බන්ධ වෙනවා.

මම නිරූපණ ශිල්පිනියක් විධියට තමයි ක්ෂේත්‍රයට ආවේ. ඉතින් ක්ෂේත්‍රයේ අයත් දන්නවා මට මොන වගේ චරිතද කරන්න පුළුවන් කියලා. කේතුමතී රැජනගේ චරිතය වුණත් මට ලැබුණේ ඒ වගේ. අලුත් අත්දැකීම් ගන්න මම කැමැතියි. රාවණ ටෙලිනාට්‍ය වුණත් රිවස්ටන්, සේරු ඇල්ල වගේ දර්ශන තලවල රූගත කිරීම් කටයුතු කළේ. ඒ ඔස්සේ  මම ගොඩක් අත්දැකීම් ලබාගත්තා.

පවුල් ජීවිතේ ගැනත් කතා කරමු?

මමයි මගේ දුවයි මගේ මහත්තයයි ඉන්නේ. මගේ මහත්තයා නම් මේ දවස්වල විදෙස්ගතවයි ඉන්නේ.

නිර්මාණවලට සම්බන්ධ වෙද්දී සැමියාගෙන් සීමා මායිම් පැන වෙනවාද?

නැහැ. පවුලෙන් ප්‍රශ්නයක් නැහැ. මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක කොහොමත් තෝරා බේරා ගෙනයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. එහෙම නැතිව එයා මට සීමා දාලා නැහැ.

අලුත් නිර්මාණවලටත් සම්බන්ධ වුණාද?

දැනට නම් නැහැ. රාවණ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කටයුතු තමයි සිද්ධ වෙන්නේ. තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ රූගත කිරීම් අවසන්. වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

චිත්‍රපටවලටත් අලුත් ආරාධනා ලැබුණද?

ඔව්. චිත්‍රපටත් කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මම විදෙස්ගතවයි පසුගිය කාලේ සිටියේ. ඒ නිසා ඒ නිර්මාණ භාර ගත්තේ නැහැ. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ වගේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ලංකාවට ආවා. දැන් ලංකාවේ ඉන්නවා කියලා හිතලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී චිත්‍රපටවලටත් සම්බන්ධ වෙයි.

රංගන ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන අයෙක් හැටියට වැඩි කැමැත්තක් තියෙන්නෙ කුමන ක්ෂේත්‍රයටද?

මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ නම් වෙළෙඳ දැන්වීම්වලට. මොකද ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. වැඩිම වුණොත් දවස් තුනයි යන්නේ වෙළෙඳ දැන්වීමකට.

නමුත් ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදියට ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක ඒ දේවල්වලට ලොකු කාලයක් ගත කරන්නත් අමාරුයි.

අනෙක් කාරණය වෙළෙඳ දැන්වීම් හැම නාළිකාවකම වගේ විකාශය වෙනවා. එතකොට ප්‍රේක්ෂකයන් අතරට යන්නත් ලේසියි.

ප්‍රෙක්ෂකයන් වෙනුවෙන් ඔබට කියන්න යමක් ඇති?

ප්‍රේක්ෂකයෝ මේ වෙනකොට හොඳ නිර්මාණ එක්ක එකතු වෙලා ඉන්නවා. සමාජ මාධ්‍යවල වුණත් හොඳ නිර්මාණවලට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. හරයක් නැති නිර්මාණවලින් ප්‍රේක්ෂකයො අෑත්වෙලා හරවත් නිර්මාණ එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඉදිරියේදීත් හොඳ නිර්මාණ එයි. ඒ නිර්මාණ වටා එකතු වෙන්න කියලා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.

ඉරේෂා කල්හාරි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.