Oct 03

තහනමින් පසු සුඛෝපභෝගී වාහන 300ක් ගෙන්නලා


පසුගිය ජුනි 26 වැනිදා සිට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ව්‍යාජ දින ඇතුළත් කරමින් සුඛෝපභෝගී වාහන තුන්සීයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති අතර ඒවා මුදා ගැනීමට එම වාහන ගෙන්වූ පිරිස් දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ.

යුරෝපය හා ජපානයෙන් ආනයනය කරන ලද එම සුඛෝපභෝගී වාහන අතර බෙන්ස්, ප්‍රාඩෝ, ජීප් ආදී වර්ගයේ සුඛෝපභෝගී වාහන වේ.

මේවා රුපියල් කෝටියේ සිට කෝටි පහය දක්වා වටිනාකමකින් යුත් වාහන වන අතර වැඩි ප්‍රමාණයක් ඇත්තේ රජයේ මාණ්ඩලික නිලධාරීන්ට ලබාදී තිබූ වාහන බලපත්‍රවලට ආනයනය කළ ඒවා බව වාර්තා වේ. එම නිලධාරීන්ගේ වාහන බලපත්‍ර මිලට ගත් ආනයනකරුවන් වාහන ආනයනය තහනම් කිරීමෙන් පසුව තහනම් කළ දිනය නැව්ගත කළ දිනය ලෙස සඳහන් කර මේවා ගෙන්වා ඇත.

මේ ආකාරයට එංගලන්තයේ සවුත් ඇට්මින් වරායෙන් ජුනි 29 දින පිටත් වූ නැවකින් වාහන 37ක් ගෙනැවිත් ඇති අතර වරායෙන් නැව පිටත් වූ දිනය ජුනි 26 ලෙස සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අතිරේක අධ්‍යක්ෂ හා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්නගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ආනයනය තහනම් කළ ජුනි 26න් පසුව නැව්ගත කර ගෙන්වා ඇති වාහන තුන්සීයකට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

චමින්ද සේනාරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.