Oct 03

මෙවර IPL නියෝජනය කරන එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා ඉසුරුගේ, බිරිඳ කියන කතාව


ලෝකයම නරඹන අයි පි එල් තරඟ සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජනය ඉසුරු උදාන. පන්දුවෙන් දක්ෂතා දක්වන ඉසුරු ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ කරනවා. අයි පි එල් තරගාවලියේ ඔහු නියෝජනය කරන කණ්ඩායම වෙනුවෙන් අවසාන ඕවරයේ පන්දු යැවීම සඳහා අවස්ථාව හිමි වන්නෙත් ඔහුටයි. ඒ නිසා ඔහු ගැන කතා කරන්න ඔහුගේ ආදරණිය බිරිඳ පෙරින් පෙරේරාව අපිත් එක්ක එකතු කරගත්තා. මේ ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිඳ කියන කතාවයි.

ඉසුරු වෙනුවෙන් පෙරින් මේ දිනවල අයි. පි. එල් ක්‍රිකට් තරඟ නරඹනවා ඇති නේද..?

ඇත්තටම කිව්වොත් මමවත් මගේ පවුලේ අයවත් ක්‍රිකට් ලෝලීන් නෙමෙයි. ඉසුරු ක්‍රිකට් ක්‍රීඩා කරන එකත් මට සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගොඩක් වෙලාවට මම ක්‍රිකට් තරඟ නරඹන්නේ නැහැ. පසුගියදා ඉසුරු ක්‍රීඩා කළ තරඟය මම නැරඹුවා. ඉඩහිටලා ඔහු ඉන්න නිසා මැච් බලනවා. ඒ බැලුවත් මම බලන්නේ කිසිම අවබෝධයකින් නෙමෙයි. ඇත්තටම කිව්වොත් ලකුණු හයක් හතරක් ගහන්නේ කොහොමද කියලාවත් මට අවබෝධයක් නැහැ. ක්‍රීඩකයෙක් දැවී යන්නේ කොහොමද කියලාවත් මට අවබෝධයක් නැහැ. ඒත් ඉසුරු ඉන්න තරඟ දැන් මම බලනවා.

පසුගියදා ඔහු නියෝජනය කළ තරඟයක් ජයග්‍රහණය කළා. කණ්ඩායම් දෙකම සම වෙද්දී සුපර් ඕවරයක් දෙපිලටම හිමි වුණා. ඒ මොහොතේ ඔබේ හඳගැස්ම කොහොමද..?

එයා එදා තරඟයේ දෙවැනි විකට් එක ගත්ත මොහොතේ මට පුදුමාකාර සතුටක් දැනුණේ. අයි පි එල් වගේ දැවැන්තයින් ඉන්න තරඟයකදී ඔහුට දක්ෂතා දක්වන්න ලැබුණු එක ගැන. බොහෝ දුරට තරඟයේ අවසාන ඕවරය හිමි වෙන්නේ ඔහුට. සමහර වෙලාවට හිතෙනවා තරඟයම ඔහුගේ අතේද තියෙන්නේ කියලා. පැරදුනොත් කියන බය හරියට දැනිලා තියෙනවා. එදත් මම හිටියේ බයෙන්. සම වෙලා සුපර් ඕවර එක ලැබෙද්දී මෙයාලාගේ කණ්ඩායම දිනයිද පරදියිද කියලා පුදුමාකාර බයකින් තිගැස්මකින් මම හිටියේ.

තරඟය අවසන් වූ ගමන් ඔහු සතුට බෙදා ගන්න ඔබත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්න ඇති..?

ඔව්. තරඟය පටන් ගන්න කලින් වගේම තරඟ අවසන් වූ ගමන් ඉසුරු මට කතා කරනවා. ඔහුගේ සතුට මගෙත් එක්ක වගේම දෙමාපියන් එක්ක ඔහු බෙදා ගන්නවා. මේ තරඟයේදී විතරක් නෙමෙයි වෙනත් තරඟවලදී පවා එයා ළඟ මම හිටියේ නැති නම් එයා මට කතා කරනවා.

ඔහු ගැන ඇත්තටම ඔබට ආඩම්බර වෙන්න බැරිද..?

ඔහුගේ දක්ෂතා ගැන මට ආඩම්බරයි. ඒ හැරුණු කොට ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා මම ආඩම්බර වෙන්නේ නැහැ. හේතුව මම ක්‍රිකට් ලෝලියෙක් නොවීම වෙන්න ඇති. නමුත් ලංකාට වඩා පිට රටකදී ඔහුට ලැබෙන ප්‍රතිචාර දකිද්දී නම් මට ඔහු ගැන සතුටක් ඇති වෙලා තියෙනවා. මේ තරම් ඉසුරුට පිටරට මිනිස්සුත් කැමතිද කියලා.

තරඟ අවසන් වෙලා ඔහු එනතුරු මාස ගණනාවක් බලාසිටීමට ඔබටත් පුතනුවන්ටත් සිදු වෙනවා. කොරෝනා නිසා ඔබට ඔහු සමඟ මෙවර සංචාරයට සම්බන්ධ වෙන්න ලැබුනේ නැහැ..?

මේ ගෙවෙන්නේ මගේ ජිවිතේ අසීරුම කාල සීමාව. උදේට නැගිටින්නේ තව කි දවසක් ඉසුරු එන්න තියෙනවද කියලා හිතලයි. හැමදාම දවස් ගණන් කරනවා. කොරෝනා නිසා සීමාවන් වැටිලා. පුතා නොහිටියා නම් මට යන්න තිබ්බා, නමුත් ලෝකේ තියෙන තත්වය එක්ක අපි පරිස්සම් වෙන්න ඕන. පරිස්සම ගැන හිතලා එයා එනකල් මෙහෙට වෙලා පරිස්සමින් අපි ඉන්නවා. පුතා මේ දවස්වල වචන ඇහිද ඇහිද කතා කරන නිසා එයාගේ තාත්තා ළඟ හිටියා නම් කියලා හිතෙනවා. මොකද හැමදාම ඉසුරු කතා කරද්දී අහන්නේ අද පුතා කතා කරද්දී අලුතින් කිව්ව වචනය මොකක්ද කියලා. ඒ වචන පුතාගේ කටින් අහන්න ඉසුරු හරි කැමතියි. පුතා ලඟින්ම ඉන්න ඕන කාලේ එයාට මඟ හැරෙනවා. ඉතින් එයා ඉක්මනට එනකල් තමයි අපි මඟ බලාගෙන ඉන්නේ.

ඔහුව ඔබට මුණගැහෙන්නේ පාසල් යන කාලේ, ඒ සුන්දර මතකයත් අවධි කරමු..?

එයා එතකොට උසස්පෙළ පන්තියේ. මම සාමාන්‍ය පෙළ පන්තියේ. දෙන්නා හම්බෙන්නේ අහම්බෙන්. මම ස්කූල් වෑන් එකේ යද්දී හැමදාම මගේ යාලුවෙකුට අතවනාගෙන යනවා. එහෙම අතවනාගෙන ගිය එක දවසක ඉසුරු ළඟ ඉදලා මාව දැක්කා. මුලින්ම එයා මාව දකින්නේ එහෙම. දෙන්නට කතා කරන්න ලැබෙන්නේ මට ආපු රෝන්ග් නම්බර් එකකින්. එයා දැනගෙන හිටියේ නැහැ මාව. ඒ ඇමතුම ටික ටික වර්ධනය වෙලා අපි කතාබහ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ නොදැනුවත්වම ආදරේ කරන්න පටන් අරගෙන. ඒ ආදරේ විවාහය දක්වා දුර දිග ගියා.

ඒ වෙද්දීත් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක විවාහ වෙන්න බයක් හිතුණේ නැද්ද..?

මම ආදරේ කරේ සාමාන්‍ය කොල්ලාට. අදටත් මගේ ඔලුවේ ඉන්නේ යුනිෆෝම් එකෙන් මාත් එක්ක කතා කරපු කොල්ලගේ රූපය. ලොකුවට ක්‍රිකට් ගහනවා කියලා මම දැනගෙන හිටියෙත් නැහැ. කොහොම හරි ඒක එයාගේ ජොබ් එක වුනා. ඉතින් මොනා කරන්නද..එයාගේ දක්ෂතාවලට මට අකුල් හෙලන්න බැහැනේ. නමුත් එදා මම හිතුවේ නැහැ කවදාවත් එයා මේ තරම් දුරක් වෙයි කියලා. සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට එයා ගොඩක් හොඳ මනුස්සයෙක්. ඒ ගතිගුණ වලට මම ආදරේ කරනවා. ඒ නිසා ඔහුගේ ක්‍රීඩා ජීවිතය මගේ ආදරේට මම බාධාවක් කරගත්තේ නැහැ.

කාර්යබහුල ජිවිතයක් ගත කරන ඉසුරු සැමියෙක්, පියෙක් විදිහට කොයි වගේ චරිතයක්ද..?

හරිම පිළිවෙලක් තියෙන පුළුවන් හැම මොහොතකම පවුල එක්ක ඉන්න ආදරණිය සැමියෙක්. ඒ වගේම ආදරණිය තාත්තා කෙනෙක්. ගෙදර ඉන්නකොට එයාගේ වැඩ හරිම පිළිවෙලයි. ගෙදර වැඩවලට උදව් කරනවා. පුතාගේ හැම වැඩක්ම ඔහු කරලා මට උදව් වෙනවා. පවුල ගැන ඕනෑවටත් වඩා එයා හිතනවා. ඒ නිසා ඉසුරු එක්ක ජිවත් වෙන්න හරි ලේසියි.

හර්ෂණී වීරරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.