Jun
19
ටයර් දමා ගිණි තැබූ මිනිස් මළ සිරුරක් හමුවෙයි
ටයර් දමා ගිනි තැබීමෙන් පසු පිළිස්සෙමින් තිබූ මිනිස් මළ සිරුරක් දඹුල්ල ඉහළ ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි පාළු ස්ථානයක තිබී සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ලද තොරතුරක් මත දඹුල්ල පොලීසියේ කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට ගොස් සොයා බැලීමේ පිළිස්සෙමින් තිබුණු එම සිරුර සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (18) සවස 2 ට පමණ ඉහළ ඇරැව්වල ග්‍රාම නිලධාරීතුමිය විසින් මහගෝන වැව පාරට ආසන්නයේ ඇති උණ පඳුරු සහිත ප්‍රදේශයක අඩි 5 ක පමණ ගැඹුරු වගා ළිඳක් තුළ මිනිස් සිරුරක් බවට සැකකල හැකි පිළිස්සෙමින් පවතින කොදු ඇට පෙළක් හා අස්ථි කිහිපයක් ඇති බවට දඹුල්ල පොලිස් ස්ථානයට දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ස්ථානයට දඹුල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, මාතලේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, දඹුල්ල නිල සුනඛ ඒකකයේ නිලධාරීන් හා ඇඟිලි සටහන් රෙජිස්ටාර් නිලධාරීන් කැඳවා පරීක්ෂණ පවත්වා ඇති අතර එහිදී පිළිස්සෙමින් පවතින අස්ථි කොටස් මිනිස් සිරුරක අස්ථි කොටස් බවට හා ටයර් දමා පුළුස්සා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
එසේම මේ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේ දී ඒ ආසන්නයේ කටු පඳුරක තිබී උදලු තලයක් හා මත්පැන් හිස් බෝතල් දෙකක් ද සොයා ගෙන ඇති අතර දඹුල්ල පොලීසිය විසින් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දඹුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
Source - නෙත් Gossip