Jun 19

බෝම්බකරුවන් ප්‍රවාහනය සඳහා ආධාර හිටපු ඇමති බදියුර්දීන්ගේ සොහොයුරාගෙන්


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන බදියුදීන් මොහොමඩ් රියාජ්  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරනවා.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඔහු බෝම්බකරුවන් ප්‍රවාහනය සඳහා ආධාර සහ අනුබල දුන් බවට ද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

එසේම මොහොමඩ් රියාජ් පාස්කු පාස්කු ප්‍රහාරය සඳහා මුල්‍ය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවද පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඒ පිළිබඳව මේ වන විටත් විමර්ශන සිදු කරන බවත්,  ඉතා ඉක්මනින් එම විමර්ශන අවසන් කළ හැකි වනු ඇති බවත්ය.

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බදියුදීන් මොහොමඩ් රියාජ් මේ වන විට රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටින අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බව පවසමින් බදියුදීන් මොහොමඩ් රියාජ් වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබුණා.

Source - නෙත් Gossip
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.