Jun
19
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දුම්රිය ස්ථානය හා බදුල්ල දුම්රිය ස්ථානය අතරදී අද (19දා) සවස තරුණයෙක් හා තරුණියක් දුම්රියේ ගැටී ඇති අතර තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇත.
යුධ හමුදා සාමාජිකයෙක් වන ,හෙලවත්ත, හපුතලේ ගම හපුතලේ පදිංචි වීරසේකර මුදියන්සේලාගේ ලක්ෂාන් ධනංජය වීරසේකර නමැති 21 හැවිරිදි තරුණයා බරපතල තුවාල සහිතව බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ .
මොවුන් දෙදනා එකවරම දුම්රියට පැන්න බව දුම්රිය රියදුරා පොලීසියට පවසා තිබේ. හාලිඇල පොලිසිය පරික්ෂණ පවත්වයි.
පාලිත ආරියවංශ
Source - ada.lk