May 17

ලොව ප්‍රථම වරට මෙරට හැදූ ඖෂධීය මුහුණු ආවරණය


ඖෂධීය මුහුණු ආවරණයක් නිපදවීමට ලංකාවේ අයෙක් සමත් වී තිබෙනවා. ඔහු නමින් දේශබන්දු සමන් හෙට්ටිආරච්චි.

පිටකෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු පිටකෝට්ටේ රජමහා විහාර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සමන් හෙට්ටිආරච්චි කළ නව නිපැයුම් රැසක්ම සාර්ථක වී ඇත. ඉන් 18ක් සඳහා ඔහුට පේටන් බලපත්‍ර තිබීමද විශේෂත්වයකි.

මේ ආකාරයට ඔහු නිපද වූ ඖෂධ ගුණ ඇති මුහුණු ආවරණය වෙනුවෙන් බෙහෙත් වර්ග 22ක් යොදාගෙන තිබෙනවා. ඒවා මිශ්‍රකර පදම් කිරීමෙන් පසු මුහුණු ආවරණයන් නිපදවා තිබෙනවා. දේවදාර, අගිල්, කොත්තමල්ලි, පාවට්ටා මුල්, පෙරුම්කායම් ආදී බෙහෙත් ඊට ඇතුළත්. මේවා පෙණහලු ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධය. මෙම ඖෂධ මඟින් ශරීරයට ඇතුළුවෙන විසබීජ රෝග කාරක විනාශ කෙරෙයි.

මුහුණු ආවරණය නිෂ්පාදනය කළ පසු එය ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමට දැනුම්දීමට සමන් හෙට්ටිආරච්චි කටයුතු කළා. ඉන්පසු ඖෂධ ගුණ ඇති මුහුණු ආවරණයට පේටන් බලපත්‍රය ලබා ගැනීමට සමන් කටයුතු කළා. මේ අයුරින් ඖෂධය යොදා සැකැසූ මුහුණු ආවරණයක් මේ වන විට ලෝකයේ කිසිම තැනක නිපදවා නැත.
මේ ආකාරයට නිපදවන ලද මුහුණු ආවරණ සෑම රාජ්‍ය අංශයකටම පාහේ නොමිලේ ලබා දීමට සමන් කටයුතු කර තිබීමද විශේෂයකි.

මෙම ඖෂධ මුහුණු ආවරණය පැලඳ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී අදාළ ඔෟෂධ ශරීරගතව සෞඛ්‍යය යහපත් කරන බවට තොරතුරු තාක්ෂණ ආයතනය මඟින් තහවුරු කර තිබෙනවා. ශරීර අභ්‍යන්තරයේ ඇති බැක්ටීරියා විනාශ කරන බවද සහතික කර තිබෙනවා. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය මඟින්ද මෙම මුහුණු ආවරණය ගැන පරීක්ෂා කර තිබෙනවා. එම ආයතනය මඟින් ලබා දී ඇති සහතිකයේ සඳහන් වන්නේ ඔවුන් මෙම මුහුණු ආවරණය කිහිප අවස්ථාවක්ම සෝදා පරීක්ෂා කර ඇති බවත් එසේ කිහිප සැරයක් එය සේදුවත් එහි ඇති ඖෂධ ගුණය නැති නොවන බවයි.

මෙම මුහුණු ආවරණය සේදූ පසු මැදීම කළ යුතුය. ඒ මුහුණු ආවරණයට යොදා ඇති රෙද්ද හැකිළෙන හෙයිනි. එසේම මෙම මුහුණු ආවරණයට යොදන සමහර ඖෂධවල සුවඳ සැර ඒවා නිසා මීට යොදාගෙන ඇත්තේ බාලකරය.

ඔහුට මෙම මුහුණු ආවරණය නිපදවීමට රුපියල් 65-70ක මුදලක් වැයවෙයි. වෙළෙඳපොළේ මෙම මුඛ ආවරණය විකුණන්නේ රුපියල් 100කටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.