May 17

නිරූපණයෙන් ඈත් වුණු සුරූපි හෙදිය


කොළඹ ද සොයිසා කාන්තා ළමා රෝහලේ ඉන්න සුරූපී හෙද නිලධාරිනියක් තමයි ඇය. 2017 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්තෙත් ඇයයි.
ඇය නමින් ශ්‍යාමා දහනායක. ඇය කුරුණෑගල හෙද විදුහලේ දෙවැනි වසරේ ඉගෙන ගන්න දවස්වල තමා මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණේ. ඒ 2017 වසරේ. ඉතින් ඇයට වාසනාව ලැබුණා ඒ කිරුළ දිනා ගන්න. ඊට පස්සේ ඇය ලෝක මිහිකත රූ රැජින තරගයත් නියෝජනය කළා. එහිදීත් උප කිරුළු හතරක් දිනා ගන්න ඇයට පුළුවන් වුණා.

ගම කුරුණෑගල. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය තමයි ඇයගේ පාසල.

පොඩි කාලේ ජාතික රූපවාහිනියේ මුතුහර වැඩසටහනටත් සහභාගි වෙලා තියෙනවා.

මිස් ශ්‍රී ලංකා තරගයකට සහභාගී වෙන්න හිතුවේ උසස් පෙළින් පස්සේ. මොකද ඇය නිරූපණ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් කරපු නිසා.

අහැබැයි ඇය පොඩි කාලේ ඉදින් හීන දැක්කේ නම් ගුවන් සේවිකාවක් වෙන්න.
ගෙදරින් ඒකට තදින්ම විරුද්ධ වුණ නිසා ඒ අදහස අත්හරින්න වුණා.

ඇය උසස් පෙළ ලියන්නේ ජීව විද්‍යා අංශයෙන්. කොහොම හරි උසස් පෙළ ප්‍රතිඵලවලින් ඇයට හෙද විදුහලට යන්න පුළුවන්කම තිබුණා. කොහොම වුණත් ඇයට මුලදි නම් ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ මේ ක්ෂේත්‍රයට.

නමුත් දැන් ගොඩක් කැමැතියි ලු. පළමු පත්වීම විදියට ඉල්ලුම් කළෙත් ද සොයිසා කාන්තා රෝහල. කියන්න සතුටුයි ඒ රෝහලම ඇයට මුල්ම පත්වීම ලැබිලා.

ඇය ඉන්නේ ශල්‍යාගාරයේ. විශේෂයෙන්ම මේ කාලේ ලොකු අත්දැකීමක් ලබනවා කියලත් කිව්වා.

“කොරෝනා නිසා බබාලා හම්බෙන්න එන අම්මලාව අපි පරික්ෂා කරනවා. එතැනදී මම කරපු එක පරීක්ෂණයක් පොසිටිව් පවා වුණා. අපි නියමිත ක්‍රමවේද අනුව ආරක්ෂා වෙමින් කටයුතු කරන නිසා ඉන් බලපෑමක් වුණේ නැහැ.”

රංගනයට ලැබුණු ආරාධනා ඇය ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙත් වෘත්තිය නිසයි. හැබැයි ඇය නිවේදන කටයුතුවලට නම් කැමැත්තක් තියෙනවා. ආරාධනාවක් ආවොත් හිතලා බලනවලු ඒ ගැන.

ඇය ආදරය සහ විවාහය ගැන කිව්වෙ මෙහෙම කතාවක්.

“ආදරය සුන්දරයි නේද… බලමු ඒ අත්දැකීමත් ඉදිරියේදී ලබා ගන්න. විවාහය නම් ගෙදරින් අම්මා හොයලා දෙන එකකට තමා කැමති වෙන්නේ. මොකද ඒ වගකීම මට භාර ගන්න බැහැ.”











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.