May
17
කොරෝනා වයිරසය වැළදුනු රෝගීන් හට වෛද්‍ය පහසුකම් ලබා දෙන ලන්ඩනයේ ”නෝර්ත්වික් පාර්ක්” රොහලේ කාර්ය මණ්ඩලයට බි‍්‍රතාන්‍යයේ වෙසෙන කොටි හිතවාදී දෙමළ පිරිසක් බඩු භාණ්ඩ ප‍්‍රදානය කිරීම මහත් ආන්දෝලනකට තුඩුදී තිබේ.
මෙම භාණ්ඩ සමග කොටි සංවිධානයේ ලාංඡනය සහිත ධජය ප‍්‍රදර්ශනය කිරීම පිළිබඳව සාමයට ලැදි පිරිස් තම කනස්සල්ල පළ කරති.
එල්.ටී.ටී.ඊ. සංවිධානය බි‍්‍රතාන්‍යයේ තහනම් කරන ලද ත‍්‍රස්තවාදී සංවිධානයක් නිසා ඔවුන් ගේ ධජය ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීම නීති විරෝධී කටයුත්තකි. මෙම නීති විරෝධී ක‍්‍රියාව පිළිබඳව දකුණු ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ අමාත්‍ය අහමඞ් සාමිවරයාට පැමිණිලි කරමින් ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහා කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ලිපියක් යවා තිබේ.
එසේම ”නෝර්ත්වික් පාර්ක්” රෝහලේ ප‍්‍රධාන විධායක නිලධාරියාට ලිපියක් යවමින් ඇය කියා සිටින්නේ මෙම ආධාර ප‍්‍රදානය කිරීමේ මුවාවෙන් ත‍්‍රස්තවාදී සංවිධාන තම යටි අරමුණු මුදුන් පත් කර ගැනීමට දරණ උත්සාහයන් පිළිබඳව පරීක්‍ෂාකාරී වන ලෙසයි.
නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆර්ඞ් නගරයේ පදිංචි හතලිස් හැවිරිදි නඩරාජා නිත්‍යකුමාර් නමැති දෙමළ ජාතිකයෙකු තම දරුවන් දෙදෙනාගේ ගෙළ කපා මරා දැමීයැයි චෝදනා ලැබ රිමාන්ඞ් සිරභාරයට ගෙන තිබේ. පසුගිය අප‍්‍රියෙල් 26දා දරුවන් ගේ මව ”නිශා” නානකාමරයේ සිටියදී නිත්‍යකුමාර් මාස 19ක් වයසැති දියණිය ”පාවින්‍යා” ගේ සහ අවුරුදු 3ක් වයසැති පුතු ”නිගාෂ්” ගේ ගෙළට පිහියෙන් කොටා තමන්ටද ඇන ගෙන ඇත. දියණිය එතනම මිය ගොස් ඇති අතර පුතා මිය ගොස් ඇත්තේ රෝහලේදීය. අසල් වැසියන් පවසන්නේ මොවුන් ශ‍්‍රී ලාංකිකයින් බවත් වසර දෙකක පමණ කාලයක් ඉල්ෆර්ඞ් ප‍්‍රදේශයේ ජීවත්වන බවත්ය.
නිත්‍යකුමාර් රෝහල් ගතකිරීමෙන් පසු දැන් සුවය ලබා සිටින අතර මැයි 12 වන අඟහරුවාදා ”ස්කයිප්” තාක්‍ෂණය ඔස්සේ නඩු ඇසීමෙන් පසු විනිසුරු නයිජල් ලික්ලි මහතා මීළඟ නඩුවාරය ජූලි 28දා දක්වා කල් තබා චූදිතයාව රිමාන්ඞ් බන්ධනාගාර ගත කළේය. නිත්‍යකුමාර් නඩුවට පෙනී සිටියේ දෙමළ භාෂා පරිවර්තකයෙකු හරහාය.
සුජීව නිවුන්හැල්ල
Source - දිවයින