May 17

සහරාන් අත්අඩංගුවට ගැනීම වැලැක්වූවේ පූජිතයි නාලක සිල්වායි


තවිහිද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකල මෙහෙයුමක් එවක සිටි පොලිස්පති  පුජිත් ජයසුන්දරගේ නියෝගයෙන් අත් හැර දැමු බව ඊයේ දිනයේදී ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වුනා.

2016 වසරේ කල්මුනේ ප්‍රදේශය භාරව රාජකාරි කල බුද්ධි නිලධාරියකු මෙම හෙළිදරව්ව සිදු කල අතර ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු ප්‍රධානි DIG නාලක සිල්වා තමාට ඒ පිළිබඳව දැනුම්දුන් බවත් 2016 වසරේ මුස්ලිම් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සහාරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් ආරම්භ කල බවයි ඔහු පවසා ඇත්තේ.

2014 ජූලි මාසයේ කල්මුණේ ගැටුම මාධ්‍ය වාර්තා කල තිබු අයුරු පහතින් දැක්වේ.

කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සම්බන්ධයෙන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිවී ඇති ඇතැයි වාර්තා වෙයි.

එක්තරා මුස්ලිම් අන්තවාදි සංවිධානයක් විසින් ඉඩමක පල්ලියක් ඉදිකිරීමට සැළසුම් කර ඇති අවස්ථාවේදී තවත් අන්තවාදි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම ගොඩනැගිල්ල ඉදිකිරීමට විරුද්ධව ප‍්‍රචණ්ඩකාරිව පහරදීම් සිදුකර ඇත.

“මුස්ලිම් සමාජය තුළ මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මුස්ලිම් සමාජයේ එකිනෙකට වෙනස් විශ්වාසයන් මත කටයුතු කරන මෙම අන්තවාදී කණ්ඩායම් දෙක පිළිබඳව අප දිගින් දිගටම රටට කරුණු හෙළිදරව් කර ඇත. දැන් එම කණ්ඩායම් එළිපිට ගහමරා ගන්නට පටන්ගෙන ඇත. මෙම කණ්ඩායම් දෙක නම් තවුහිඞ් ඡුමාද් හා තබ්ලික් ඡුමාද් යන අන්තවාදී සංවිධානයන් දෙකය. මෙම මූලධර්මවාදී අන්තවාදි කල්ලි කණ්ඩායම් මුස්ලිම් සමාජය බියවද්දමින් ඔවුන්ගේ ග‍්‍රහණයට හා ප‍්‍රාණ ඇපයට ගනිමින් ඇත. මේ ආකාරයට මෙම කණ්ඩායම් දෙක අවස්ථා ගණනාවකදී ගැටුම් ඇතිකර ගත් අතර 2009 ජූලි මස 29 වන දින මෙම දෙපිරිස අතර ඇතිවු ගැටුමකින් බේරුවල ප‍්‍රදේශයේ දී දෙදෙනෙක් මියගිය අතර 41දෙනෙක් තුවාල ලැබීය. දේපළවලට ද විශාල හානි සිදුවිය.“ යැයි ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

හෙතෙම සඳහන් කරන්නේ මේ ආකාරයට පසුගිය දා හලාවත මාදම්පේ ප‍්‍රදේශය ද මෙවැනිම ගැටුමක් ඇතිවූ බවත් කල්මුනේ අක්කරෙයිපත්තු, කාත්තන්කුඩි, කින්නියා, මූතූර් ප‍්‍රදේශවලට ද මෙම අන්තවාදී කල්ලි අද විවෘතව ගැටෙන්නට පටන් ගෙන ඇති බවත්ය.

“මුස්ලිම් සමාජය ඩැහැ ගැනීමටත් බෙදා ගැනීමටත් තරගකාරීව අන්තවාදී කි‍්‍රයාවල මෙම කණ්ඩායම් නිරතව සිටිද්දි මුස්ලිම් අන්තවාදයක් නැතැයි පවසමින් රට රවටන්නට උත්සාහ කරන අවස්ථාවාදී දේශපාලකයින්ට අපට කීමට ඇත්තේ මුස්ලිම් අන්තවාදයේ අංකුර මුස්ලිම් සමාජය තුළම ගැටුම මහපාරට ගෙනවිත් ඇති බව“ යැයි එම නිවේදනයේ දැක්වේ.

2017 මාර්තු මාසයේ  කාත්තන්කුඩි සහ කල්මුණේ ගැටුම මාධ්‍ය වාර්තා කල තිබු අයුරු පහතින් දැක්වේ

නැගනහිර පළාතේ කාන්තන්කුඩි සහ කල්මුනේ ප්‍රදේශවල සාම්ප්‍රධායික මුස්ලිම් සහ අන්තවාදී තවුහිඩ් ජමාත් අතර නිතරම ගැටුම් ඇතිවන බව සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රකාශක එම්. ඉන්තිකාබ් මහතා පවසනවා. දෙපාර්ශවය විසින් එකට එක කිරීම පුරුද්දක් වශයෙන් සිද්ධ කරන බවයි ඒ මහතා සදහන් කර සිටියේ.

සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගේ අදහස් වලට එකග නොවන තවුහිඩ් ජමාත් අන්තවාදී සංවිධාන පොදුවේ ඉස්ලාමික ත්‍රස්ත (IS) සංවිධානයට උදව් කරන බවත් ඒවාට අදාළ වීඩියෝ පට තමන් සතු බවත් ඉන්තිකාබ් මහතා අවධාරණය කර සිටියා.

මෙම මුස්ලිම් අන්තවාදී සංවිධානවලට මුස්ලිම් ජාතිකයකු වන තමන් පවා බියවන බවත් බෞද්ධ ජනතාව කෙතරම් භිතියකින් ඇත්ද යන්න තමන්ට තේරුම් ගත හැකි බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා, මේ අන්තවාදී සංවිධාන නැවත්වීමට වහාම පියවර ගත යුතු බවත් එසේ නොමැතිනම් මොවුන් වෙනත් දිශාවකට යොමු වනු ඇති බවටත් අනතුරු ඇගවීමක් සිදු කර සිටියා.

පසුගිය සිකුරාදා (10) කාන්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පාර්ශව දෙකක් අතර ඇතිවූ ගැටුම පිලිබදව දුරකථනය ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියා. මෙම ගැටුමෙන් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටි අතර පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූවා.

එම වීඩියෝව පහතින් බලන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.