May 17

විදේශයන්හි සිරවූ සියළු ලාංකිකයන් ගේන්න ශ‍්‍රී ලන්කන් සූදානම්


කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ජනාධිපති කාර්යාලය මේ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

රට තුළ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය කරන අතරම ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව දිවයිනට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බව ද ඇමතිවරයා කීවේය. දිවයිනට රැගෙන එන සියලු විදේශගත ශ්‍රමිකයන් නිරෝධානයකට ලක් කෙරෙණ අතර ඒ සදහා ද දැනට ඇති පහසුකම් වලට සරිලන පරිදි මෙම ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ දී විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ රටවල තානාපති කාර්යාල මහා කොමසාරිස් කාර්යාල හරහා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඒ අනුව  ලියාපදිංචි විදේශගත වු ශ්‍රමිකයන් ගෙන්වීම සදහා ශ්‍රී ලංකන් සමාගමේ ගුවන් යානා යොදවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. මෙහි දී ප්‍රමුඛතාව ලබා දෙන්නේ  කුඩා දරුවන්, ගර්භණි හා හෘද රෝග වැනි අසනීප තත්ත්වයෙන් පත්වන අයට පමණක් බවත් නැතිනම් ලියාපදිංචි වූ පිළිවෙලට ගෙන්වීම සිදුවන බවත් පැවසු රණතුංග මහතා මේ සම්බන්ධයෙන් බාහිර බලපෑම් සිදුවන බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද කීවේය.

කුවේට් හි සිටින වීසා අවසන් වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා එරට විදේශ කටයුතු ඇමතිවරයා සමග සාකච්ඡා කර ඇති බවත් ඒ අනුව මුලින් කුවේට් රජය බාරයේ සිටින වීසා අවසන් වූ පිරිස දිවයිනට ගෙන්වා ගන්නා බවත් ඇමතිවරයා කීවේය. ඉන් පසු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින පිරිස් ද දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතය. ඉදිරි කාලය තුළ මැදපෙරදිග රටවල් වලින් මෙන්ම මාලදිවයින, බංගලිදේශය ඇතුළු විවිධ රටවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙල දැනටමත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජනාධිපති තාර්යාලය සකස් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ වන විට එම රටවල මුහුණ පා ඇති අසීරු තත්ත්වය පිළිබදව රජයට අවබෝධයක් ඇතැත් ඔවුන්ව ගෙන්වා ගැනීමේ දී රට තුළ පවතින තත්ත්වය ද සැලකිල්ලට ගෙන කටයුතු කිරීමට සිදුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

– ප්‍රදීප් අනුර කුමාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.