Apr 16

කොරෝනා මළසිරුරු ආදාහන තීන්දුය සංශෝධනය කරන්න UN ජනපතිට කියයි


කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විශේෂ නියෝජිතවරයා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ප්‍රජාවන් අතර ආතතිය ඇති කරවන ක්‍රියාවලින් වැළකී සිටීමට මෙන්ම විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම උත්සාහ කරන ලෙසය.

එසේම තම ආදරණීයයන් සඳහා නිසි අවමංගල්‍යයක් හෝ සුසාන භූමි චාරිත්‍රයක් ඉටු කිරීමට නොහැකිවනු ඇතැයි බියෙන් කොවිඩ් – 19 සිදුවීම් වාර්තා නොකිරීමට පවුල් සහ ප්‍රජාවන් කටයුතු කරනු ඇතැයිද හෙතෙම අනතුරු හඟවා ඇත.

එම නිසා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කර මීට අදාළ පියවර සංශෝධනය කළ යුතු බවද හෙතෙම සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

– aruna
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Gossip Lanka | Gossip Lanka News

© 2013-2020 Gossip - Lanka News Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.