Apr 12

පේරාදෙණි ඉංජිනේරුවෝ කෘතිම ශ්වසන යන්ත‍්‍ර තොගයක් සාදා රජයට බාර දෙති


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අංශය විසින් Ventilators හෙවත් කෘතීම ස්වශන යන්ත්‍ර 12 ක් අලුත්වැඩියා කර සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීම එම පරිශ්‍රයේදී සිදු විය.

එම යන්ත්‍ර සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත භාර දෙන ලදී.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 ආසාධනය වී ඇති අපරටේ රෝගීන්ගේ භාවිතය සදහා මෙම ප්‍රතිනිෂ්පාදිත කෘතීම ස්වශන යන්ත්‍ර මේ මොහොතේ මිළ කලනොහැකි වටිනාකමකින් යුක්තක් වන අතර මේ සදහා මුලිකත්වය දරපු ඉංජිනේරුවන් තිදෙනාම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බව එම සංගමය පවසයි.

මෙම ව්‍යාපෘතිය සදහා පසුගිය සති කිහිපය මුළුල්ලේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවරුන් තිදෙනා  දිවා රෑ නොබලා වෙහෙස මහන්සි විය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ඉංජ්නේරුවරුන් වන ඉංජිනේරු චිරන්ත ජයසිංහ, ඉංජිනේරු ජගත් ප්‍රසංග (CEB CARE APP එකේ නිර්මාතෘ) සහ ඉංජිනේරු ධම්මික ධර්මදාස යන තිදෙනාගේ සුවිශේෂී කැපවීම එම පිටයේ ආචාර්ය වරුන්ගේ නොමද පැසසුමට පාත්‍ර විය. මොවුන් තිදෙනාම එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිටයේ 2004 වසරේ කණ්ඩායමේය.

ප්‍රධාන ඉංජිනේරු ධම්මික ධර්මදාස මහතා ලංවිම ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකුද වේ. ඔහු සහ අනෙකුත් ඉංජිනේරුවරුන් දෙදෙනා 2007 වසරේ ලංකාව නියෝජනය කරමින් වියට්නාමයේ පැවති ජ්‍යාත්‍යන්තර රොබෝකෝන් (ABU ROBOCON) තරගාවලියට සහභාගී වී හොදම ඉංජිනේරු ශිෂ්‍ය කණ්ඩායම බවට පත් වී රටට කීර්තියක් අත්පත් කරදුන් බව වාර්තාවේ.

මේ අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමා, එම ව්‍යාපෘතිය සදහා දායක වූ මහාචාර්‍ය ලියනගේ මහතා, ආචාර්‍ය ජනක විජේකුලසූරිය මහතා, ආචාර්‍ය ලිලන්ත සමසසේකර මහතා සහ එයට දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ලංකා ට්‍රාන්ස්ෆොර්මර් සමාගම (LTL) නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

- jgao
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.