Apr
12
මෙහි නිෂ්පාදකයා ශානක දසනායක මහතායි. මෝටර් රථය නිපදවා දැනට වසර 4ක පමණ කාලයක් ගතවී ඇතත්, තවමත් එය සිය නිවසේ ගරාජයක නතර කර තැබීමට ඔහුට සිදුවී තිබෙනවා. ඒ මෙරට නිෂ්පාදිත මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා.
ඒ වගේම, ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය තත්ව වාර්තා ලබා ගැනීමට ඇති ආයතන වල තිබෙන උපකරණ හා තාක්ෂණික අඩුපාඩු ගැටලුව තවත් තීව්ර කරනවා. අඩුම තරමින් පරීක්ෂණ ධාවන කටයුතු සඳහා හෝ බලපත්‍රයක් ලබා දෙන්නේ නම්, රථය තවදුරටත් වැඩි දියුණු කිරීමට හැකියාව ඇති බව ශානක දසනායක මහතා පෙන්වා දෙනවා.
2018 වසරේ දී 80,776 ක්, 2017 වසරේ දී 39,182 ක්, 2016 වසරේ දී 45,172 ක් සහ 2015 වසරේ දී 105,628 ක් ආදී වශයෙන් පසුගිය වසර හතර තුළ පමණක් අලුත් මෝටර් රථ 270,758 ක් මෙරට ලියාපදිංචි කර තිබෙනවා. ශානක මහතාගේ මෝටර් රථය වෙළෙඳපොළට ගෙන ඒමට මෙයට වසර තුන හතරකට පෙර වගකිවයුත්තන් ක්‍රියාත්මක වී තිබුණේ නම්, ආනයනික මෝටර් රථ සඳහා වැය කරන අති විශාල මුදල ක්‍රමයෙන් අඩු කර ගැනීමට හැකියාව තිබුණි.
“ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැක ගන්නේ” යි කියන්නාක් මෙන් ඉන්දියාව, ජපානය ඇතුළු රටවලට මෝටර් රථ ආනයනයට ඇදී යන දැවැන්ත මුදල ඉතිරි කර ගැනීමටත්, සෘජු හා වක්‍ර රැකියා සිය දහස් ගණනක් උත්පාදනය කිරීමටත් ශානක දසනායක මහතාගේ මෝටර් රථය වෙළෙඳපොළට ගෙන ඒමට ඉදිරි කාලයේවත් කටයුතු කළ යුතුය.