Apr
12
රටම කොරෝනා වසංගතයට මුහුණදී තිබෙන බරපතල අවස්ථාවක කැත බල උවමනාවක් වෙනුවෙන් මැතිවරණයක් කඩිමුඩියේ පැවැත්වීමට යාම දැඩිව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
පවතින තත්ත්වය මත කොරෝනා වසංගත තත්වය මර්දනය සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැන ව්‍යවස්ථාවෙන් බලය ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට ද ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව අනුව හැකි බවත් එය මේ මොහොතේ සුදුසුම කටයුත්තක් වුවත් ඔහු තවදුරටත් කියා සිටියේය.