Apr
12
පසුගිය මාර් තු මස 24 වනදා සිට යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවා පැනවූ ඇඳිරිනීතය හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්හි ජනතාවට ආහාර හිගයක් පවතින බවට ඓතිහාසික නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජක නල්ලෙයි ආදීන ශ්‍රී සෝමසුන්දරම් පූජක තුමන් කියා සිටියේය.
ප්‍රධාන පූජකතුමන් මේ බව කියා සිටියේ නල්ලූර් කෝවිලේදී මාධ්‍යට අදහස් පවසමිනි.
එහදී නල්ලෙයි ආදීන පූජකතුමන් වැඩි දුරටත් පවසා සිටියේ කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් පසුගිය 20 වනදා සිට දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය 24 වනදා පැය 6 කට පමණක් යාපනයට ලිහිල් වූ අතර පසුව නොකඩවාම මේ දක්වා පැවති ඇඳරිනීතිය හේතුවෙන් යාපනයේ නැවත පදිංචි දුෂ්කර ගම්මානයන්හි ජනතාවට මේ වන විට ආර්ථික අපහසුතා මැද දැඩි දුෂ්කරව ජීවිකාව පවත්වගෙන යන බවටය.
මේ හේතුව නිසා යාපනයේ පිහිටි ආගමික ස්ථානයන්හි ඇති සංවර්ධන අරමුදල් ඇතුලු ලබා දිය හැකි සියලු ආධාරයන් එම ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසටත් මේ වන විට යාපනයේ දුෂ්කර ගම්මානයන්හි දෛනික ආහාර හෝ නොමැතිව වැසියන් දැඩි සේ පීඩාවට පත්ව සිටින බැවින් ජනතාවට පිහිටවීමට අවශ්‍ය පහසුකම් සැපයීම කාගෙත් යුතුකමක් බවටද නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් වැඩිදුරටත් කියා සිටියේය.
- වන්නි රොමේෂ් මධුෂංඛ