Feb 01

කොස් කොළ ක්‍රෝටන් කොළ ගැන පබිලිස් සිල්වා කියන කතාව මෙන්න

ක්‍රෝටන්, කොස්‌ දළු, තේ දළු මේ දිනවල අති විශාල ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලයි. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විඡේකෝන් මහතා ක්‍රෝටන්, කොස්‌ දළු, තේ දළු කෑමට සුදුසු බව කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ නිසා මෙම කොළ වර්ග අද ශ්‍රී ලංකාව තුළ කාගේත් මාතෘකාව වී ඇත.


ගස්‌ කොළ වර්ග කෑම පිළිබඳව වැඩිපුර දැනුමක්‌ ඇත්තේ අපේ සම්මානනීය ප්‍රවීණ සූපවේදී පබිලිස්‌ සිල්වා මහතාටය.

කොස්‌ කොළ තේ දළු, ක්‍රෝටන් පිළිබඳව " පබිලිස්‌ සිල්වා මහතා සතිඅග පුවත්පතක් සමඟ කළ සංවාදය පහතින්,

ප්‍රශ්නය - පබිලිස්‌ මහත්මයා ක්‍රෝටන් කොළ, කොස්‌ දළු, තේ දළු කෑමට හොඳද?

පිළිතුර - කොස්‌ දළු (වරකා) දියවැඩියාවට තම්බලා බොනවා. හැබැයි තේ දළු, ක්‍රෝටන් දළු කෑමට හැකිද නැතිද කියලා කියන්න මම දන්නේ නැහැ.

ප්‍රශ්නය - ක්‍රෝටන් කොළ කෑමට හොඳ බව ඔබ මීට කලින් ප්‍රකාශයක්‌ කර තිබුණා කියලා කියනවා.

පිළිතුර - අමූලික බොරු. ක්‍රෝටන් කතාව දැන් මගේ පැත්තට බෝලේ මාරු කරන්න හදනවා. මම දවසක්‌ කිව්වා කෝප්ප කොළ මැල්ලුම පංකාදුයි කියලා. ඇත්ත වශයෙන්ම කෝප්ප කොළ කෑමට ගන්නා ජනප්‍රිය කොළ වර්ගයක්‌. කෝප්ප කොළ කතාව වැරදි විදිහට අහලා ක්‍රෝටන් කොළ කෑමට සුදුසුයි කියලා ප්‍රසිද්ධ කළා. මම කිව්වේ නැහැ ක්‍රෝටන් කතාවක්‌.

ප්‍රශ්නය - ඔබ කෙළින්ම කියන්න ක්‍රෝටන් කොළ කෑමට හොඳද නැද්ද?

පිළිතුර - ඒවා කලින්ම කාලා බලන්න ඕනෑ. ඔය ක්‍රෝටන් කොළ කාපු කෙනෙක්‌ තාමත් මම අහලා නැහැ.

ප්‍රශ්නය - එතකොට තේ දළු.

පිළිතුර - ඒවත් කාපු කෙනෙක්‌ ගැන අහලා නැහැ....

හැබැයි තේ දළු කෑමට හොඳයි කියලා මතයක්‌ ප්‍රසිද්ධ කරන්න කියලා තේ වතු අයිතිකරුවෙකුගේ මාර්ගයෙන් මට දැනුම් දීමක්‌ ලැබුණා.

මං ඒක බාර ගන්නේ නැහැ... හරියට ගවේෂණය කරලා බලන්නේ නැතිව ඔය වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න බැහැ.

ප්‍රශ්නය - කෑමට හැකි ගස්‌ කොළ වර්ග මොනවාද?

පිළිතුරු - මදටියා කොළ දියවැඩියාවට හොඳ ඖෂධයක්‌. මාලදිවයිනේ ඉස්‌සර නියඟලා කොළ පවා කාලා තිබෙනවා. ඒක මහ වසක්‌. ඒත් එහේ උදවිය වස නැතිවෙන්න උපක්‍රමයක්‌ ඒ කාලේ කරලා ඒවා කෑවලු. නමුත් දැන් එම කෑම නතර කරලා ඇති. මොනවා වුණත් නියඟලා කොළ දළු මල් අල කෑවොත් මැරෙනවා. ඒවා අපට ඔරොත්තු දෙන්නේ නැහැ. නියඟලා නම ඇහුවොත් බය හිතෙනවා. මාලදිවයිනේ තිබෙනවා නවහන්දිවලට සමාන පැළෑටි වර්ගයක්‌. ඒවා මාලදිවයිනේ ගොටුකොළ වගේම ජනප්‍රියයි.

ප්‍රශ්නය - ඔබ අපි දන්නේ නැති අහපු නැති ගස්‌ කොළ වර්ග කෑවොත් මොකද වෙන්නේ....

පිළිතුර - මගේ අත්හදා බැලීම් අනුව කෑමක්‌ කනකොට හොඳ හිතින් දෙයියෝ බුදුන් සිහිපත් කරලා කෑවොත් අපි කන කෑම ඇඟට අල්ලනවා කෑමට බැණ බැන අනුභව කරනවා නම් කෑමට සුදුසු කෑමක්‌ වස වෙනවා. අපේ මිනිස්‌සු ඒවා හිතන්නේ නැහැ. සමහරු කෑම කන්නේ උයපු එකාමයි. විකුණපු එකාමයි. හැම කෙනාටම බැණ බැණ ඉතින් කොහොමද කෑම ඇඟට අල්ලන්නේ. ඔබ දන්නවාද ඉස්‌සර අරලියගහ ළඟට ගියොත් අපේ පැරැන්නෝ බනිනවා අරලිය කිරි හොඳ නැහැ කියලා. නමුත් මගේ සූපවේදී රැකියාව තුළින් සුදු අරලිය දළු කෑමට හොඳ බවට මට දැනුමක්‌ ලබා ගත්තා. ඒත් මට කිව්වා කියලා සුදු අරලියා දළු කෑමට ගන්න කියලා මම කියන්නේ නැහැ.

අපේ පොළොව දැන් වසවලට පදම් වෙලා අපි කන එළවළු පවා වස... ගිරාපලා තනකොළ පවුලට අයත් තෘණ විශේෂයක්‌. අපට කිරි සපයන එළදෙනක්‌ තණකොළ කනවා. ඒත් අපේ ජනතාව තණකොළ කන්නේ නැහැනේ...

වෛද්‍යවරු බෙහොමයක්‌ කොළ වර්ග කෑම පිළිබඳව පැහැදීමක්‌ කරන්නේ නැහැ. සමහර කොළ වර්ග බොහොමයක්‌ ඖෂධ විදිහට ගන්නේ...

සැක සහිත අල වර්ගයක්‌ පළා වර්ගයක්‌ ගන්නවා නම් තම්බා දිය හරින සිරිතක්‌ තිබෙනවා. ඒ වගේම ලුණු කහ වතුර සමඟ මිශ්‍ර කර උතුරුවා දියහරිනවා. අතීතයේ සිටම ඒවා සිදුවෙනවා. එහෙම කරන්නේ වස විස නැති කරන්නයි.

අපේ රටේ ගස්‌ කොළ වර්ග බොහොමයක්‌ තිබෙනවා ඒවා කෑමට නොවෙයි.

ඖෂධ විදිහට ගත්ත. මේවා ගැන වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කළ යුතුයි කියලා මම හිතන්නේ.

මම යළි යළිත් කියනවා ඔය ක්‍රෝටන් කතාවට මාව සම්බන්ධ කරගන්න එපා කියලා වැඩේ වැරදුනාම බෝලේ අපේ පැත්තට පාස්‌ කරන එක වැරදියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.