Feb
01
විජිත් රෝහණ උන්මාද චිත‍්‍රාගේ අනාවැකිකරුත් තොතැබූ වාර්තාවක් තියයි
රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමනේ පසු රිමාන්ඞ් කරන ලද ප‍්‍රවීන ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා නැවත වතාවක් ලෝක ඉතිහාස ගත වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කීය.
අනාවැකියක් කීම හේතුවෙන් මෙතෙක් ලොව කිසිම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන හෝ රිමාන්ඞ් කිරීමක් සිදුව නැතැයිද කී මන්ත‍්‍රීවරයා ලක් ඉතිහාසයේ පළමු ප‍්‍රසිද්ධ අනාවැකිය වූයේ උන්මාද චිත‍්‍රාට දාව උපන් පුතු මාමාවරුන් හත් දෙනෙකු මරා රජවන බවට වූ අනාවැකිය බවද පැවසීය.
එවන් සාර්ථක වූ අනාවැකියක් කී අනාවැකිකරුට කිසිදු හානියක් එම මාමාවරුන් අතින් සිදු නොවූ බවද කී ඔහු එදා පටන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දක්වාම මෙවන් අනාවැකි ඕනෑ තරම් කියා ඇති නමුත් ඒ කිසිදු ජ්‍යෙතිෂවේදියෙකු අත්අඩංගුවට ගෙන නැතැයිද මන්ත‍්‍රී ගම්මන්පිල කීවේය.
විජිත් රෝහණ විජේමුනිගේ අනාවැකියට එරෙහිව ඔහුට නීතිය ක‍්‍රියාත්මක කල ආකාරයටම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ අනාවැකි කරුවන්ට එරෙහිව පොලීසි යාමටත් නඩු පැවරීමටත් හැකියාව ඇතැයිද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කීය.