Mar 20

ගහේ කටු උල් කළ යුතු නැත විජය නන්දසිරිගේ පුත් රසාංජන පියාගේ චරිතයට

රසාංජන නන්දසිරි .., විජය නන්දසිරිගේ එකම පුතා. දැන් ප්‍රධාන චරිතයක්‌ රගමින් දස්‌කම් පෙන්වන්න සූදානම්. ඒ තම පියා මෙන්ම වේදිකාව ඔස්‌සේ. 'කුස පබාවතී' විජය නන්දසිරිගේ ප්‍රථම වේදිකා නිර්මාණය. විජයගේ මේ නාට්‍යය නව නිෂ්පාදනයක්‌ ලෙස මෙම 26 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය රගහලේදී රංගගත වේ. 'කුස පබාවතී'හි එදා විජය නන්දසිරි කළ භුමිකාව ' ජයම්පති' අද කරන්නේ රසාංජනය.


රසාංජන.., ඔබේ ඉලක්‌කය රංගනය නොවේ.?

මගේ ඉලක්‌කය ගුවන් නියමුවෙකු වීම. මම ඒ සදහා ඇමරිකා එක්‌සත් ජනපදයේ ඉගෙන ගත්තා. පිටරට ගියාම දැක්‌කා තාත්තයි අම්මයි ගොඩාක්‌ කාර්ය බහුල වෙලා හිටියේ. අක්‌කත් විවාහ වෙලා ඔස්‌ටේ්‍රලියාවේ ඉන්නේ. ඉතිං මට හිතුණේ නැහැ අම්මවයි තාත්තවයි තනි කරලා ඇමරිකාවට වෙලා ඉන්න. අධ්‍යාපනය නිමා කරලා මම ලංකාවට ආවේ ගිය අවුරුද්ද මුල. මම ඒ ඇවිත් මාස කීපයකින් තාත්තා අපිව දාලා ගියා.

තාත්තා ඒ කාලේ ඔබට රගපාන්න ආරාධනා කළේ නැද්ද.?

එහෙම විශේෂ බල කිරීමක්‌ කළේ නැහැ. මම නිතරම තාත්තා එක්‌ක නාට්‍ය දර්ශන වලට යනවා. මොකද වාහනේ ඩ්‍රයිව් කරන්නේ මම. ඉතිං මම නිතරම තාත්තගේ නිර්මාණ රසවින්දා. මම පුංචි කාලේ ඉඳලා වේදිකාවට ආසා කළා. මට තේරෙන වයසේ ඉදලම අම්මයි තාත්තයි දෙන්නම වේදිකාවේ කුස පබාවතී රගපානවා. 'වෘෂභ රාජ' සේනක චරිතය කරන්නේ මම. තාත්තගෙ අනෙක්‌ නාට්‍යවලත් මම හිටියා. පසු කාලෙක අක්‌කා කෝරස්‌ එකට සහ ශබ්ද පරිපාලනයට එක්‌වුණා. මම වේදිකාවේ මගේ ගමන ආරම්භ කළේ තාක්‍ෂණය පැත්තෙන්. ඉන් පස්‌සේ තාත්තගේ නාට්‍ය පිටරටවල ප්‍රදර්ශනය කරද්දී සමහර චරිත රගපෑවා. ඊට අමතරව පසුතල නිර්¨මාණය, වේදිකා පරිපාලනය , සංගීතය මෙහෙයවීම තිරය පිටුපස සිටිමින් කළා. ප්‍රධාන කාර්යය විදුලි ආලෝකය.

දැන් 'කුස පබාවතී' ජයම්පති ඔබ. මොනවද හිතෙන්නේ ඒ ගැන?

ලොකු අභියෝගයක්‌. මම ලොකු ආශාවකින් සහ කැපවීමකින් මේ චරිතය කරන්නේ. තාත්ත කළ චරිතයක්‌ කරන්න ලැබීම මගේ ගමනට ආශීර්වාදයක්‌. තාත්තා මේ චරිතය කරද්දී වේදිකාවේ හැසිරෙන හැටි, පෞරුෂය ගොඩනගාගන්න හැටි, ජයම්පති අම්බලමක ඉදලා ඇවිත් බංගලාවක ජීවත් වෙන හැටි, ප්‍රභාට ආදරය කරන විදිහ මේ හැම දෙයක්‌ම එදා තාත්තා රගපාන අයුරු මම අධ්‍යයනය කරලා තිබුණා. තාත්තගේ නිර්මාණවල දෙබස්‌ නම් මට කොහොමත් කට පාඩම්. ඒ කාලේ තාත්තට පොඩ්ඩක්‌ වැරදුනත් මම කියනවා තාත්තේ එතැන එහෙම නෙවෙයි මෙහෙමයි කියලා. තාත්තත් පුදුම වෙනවා ඒ වෙලාවට. ඉතිං මම හිතනවා මේ අභියෝගය මට ජයගන්න පුථවන් වේවි කියලා.

ගුවන් නියමුවෙකු වෙනවාට වඩා නථවෙකු වීම අමාරුද.?

පවුලෙන් හිමිවුණු දායාදය නිසා මම හිතුවා රංගනය හරි ලේසියි කියලා. ඒත් අඩිය තිබ්බහම තේරෙනවා රංගනය කොතරම් බැරෑරුම්ද සහ කොතරම් උසස්‌ කාර්යයක්‌ද කියලා. විශේෂයෙන් වේදිකාව සජීවී මාධ්‍යයක්‌.. ප්‍රේක්‍ෂාගාරයේ ඈත කෙළවර ඉන්න කෙනාට පවා ඇසෙන විදිහට දෙබස්‌ උච්ඡාරණය කළ යුතුයි. අමාරුවෙන් කැපවීමෙන් කළොත් මේ අභියෝගය ජය ගත හැකි බව මම දැන් දන්නවා.

වෙනත් නිර්මාණවලට දායක වෙන්න අදහසක්‌ තියෙනවද ?

අදහසක්‌ තියෙනවා. ඒත් බලන්න ඕනේ කාලය කළමනාකරණය කර ගන්න පුළුවන්ද කියලා. මම ගුවන් නියමු වෘත්තියට පිවිසෙනවා. එතකොට මාසෙකට දවස්‌ පහළොවක්‌ විස්‌සක්‌ ඉන්න වෙන්නේ පිටරට. ඒ නිසා මම මුල්තැන දෙන්නේ අපේ නිෂ්පාදනවලට. මම හුගක්‌ම ආදරේ වේදිකාවට නිසා නැඹුරුව වේදිකාවටයි. තාත්තත් කිසිසේත්ම වේදිකාව අත හැරපු කෙනෙක්‌ නෙවෙයිනේ. වේදිකාව තමයි ලේසියෙන්ම අමතක වන තැන. ඒත් අපේ තාත්තා මුල්තැන දුන්නේ වේදිකාවට. එකවර ප්‍රේක්‍ෂකයන් විශාල පිරිසක්‌ සජිවීව ආමන්ත්‍රණය කරලා ඒ අවස්‌ථාවේදීම ප්‍රතිචාර ලබන්න අනෙක්‌ මාධ්‍ය ඔස්‌සේ බැහැ. මම විශ්වාස කරන විදිහට වේදිකාව තමයි රංගන ශිල්පීන් හැදෙන තැන.

තරුවක්‌ වෙන්න කැමැත්තක්‌ නැද්ද?

තරුවක්‌ වෙනවානම් කලින් ඉදලම ඒකට අවස්‌ථාව තිබුණා. ඒත් එහෙම අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ. තාත්තා අම්මා දෙන්නම ජ්‍යෙෂ්ඨයෝ. ඒත් මට උවමනාව තිබුණේ පිටුපස හිඳිමින් නිර්මාණ රස විදින්නයි. මම හිතුවේ නැහැ මෙතරම් ඉක්‌මණට රංගනයට එක්‌වෙන්න වේවි කියලා.

'කුස පබාවතී' ජයම්පති චරිතය කවදාහරි පුතා කරයි කියලා තාත්තගේ බලාපොරොත්තුවක්‌ තිබුණද ?

තාත්තා ඉන්න කාලෙදීම මම මනමේ කුමාරයාගේ චරිතය කරනවා දකින්නයි තාත්තා ආස කළේ. වේදිකාවේ ප්‍රබලම චරිතය තමයි මනමේ කුමාරයා. තාත්තා අවුරුදු තිහකට ආසන්නව මනමේ චරිතය රගපෑවා. ඒ පෞරුෂය හරියටම තිබුණු කුමාරයා තමයි තාත්තා. මටත් ආසාවක්‌ තිබුණා තාත්තා ඉදිරිපිට මනමේ කුමාරයාට රගපාන්න. එවිට තාත්තාගේ මුහුණේa ඇතිවන සතුට දකින්නයි මටත් ඕනෑ වෙලා තිබුණේ. දැන් මේ ජයම්පති චරිතයත් තාත්තා ඉදිරිපිටදී කරන්න ලැබුණා නම් කියලා හිතෙනවා. ඒත් ඉතිං මොනවා කරන්නද.. මට ඒ තරම් වාසනාවක්‌ නැතුව ඇති. තාත්තා ඉන්න තැනක ඉදලා සතුටු වෙනවා ඇති මම තාත්තා කළ චරිතයන් කරන එක ගැන.

අජිත් අලහකෝන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.