Mar
20
ජයග්‍රහණයේ සතුටත් පරාජයේ වේදනාවත් අතර මැදිවූ විනිසුරු

100 වැනි ටෙස්ට් තරගය ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය පමණි.
බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් සහ මෙහෙදි හසන් (කඩුල්ලේ රැඳී සිටි අනෙක් පිතිකරුවා) තරගය ජයගැනීමේ සතුට බෙදාගනිද්දී සිය 40 වැනි උපන්දිනය දා ටේස්ට් තරගයක් පරාජය වීමෙන් වේදනාවට පත් රංගන හේරත් සිය හිස්වැස්ම අතට ගන්නා දෙස උපේක්ෂාවෙන් බලා සිටින විනිසුරු අලීම් දාර් මහතා. මෙම තරගයත් ජයගත්තා නම් නායකයකු වශයෙන් රංගන හේරත්ගේ සාර්ථකත්වයේ වාර්තාව 100% ක් වන්නට තිබිණ.