Jul
08
තරුණියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමා තර්ජනය කළ එක්දරු පියා
කාන්තාවන් තිදෙනකුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ සහ එම කාන්තාවන්ට මරණීය තර්ජනය කළැයි කියන අයකු තංගල්ල සහ මාතර තොරතුරු තාක්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යටියන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය කියයි.
තමන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තමන්ට මරණ තර්ජනය කළ බවට 18, 20 සහ 24 හැවිරිදි තරුණියන් තිදෙනකු විසින් පොලිසියට කරන ලද පැමිණිලි අනුව විමර්ශන කළ තංගල්ල සහ මාතර තොරතුරු තාක්ෂණ ඒකකයේ නිලධාරීන් සැකකරු තිහගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම තරුණියන් තිදෙනා අතර දැනට උසස්පෙළ හදාරන ශිෂ්‍යාවක්ද සිටින බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. මෙම තරුණියන් හමුවී මොහු මෙම දර්ශන පටිගත කර ඇතැයිද නැවත වරක් එම තරුණියන්ට තමා හමුවන ලෙස ඔහු දිගින් දිගටම බලපෑම් කර ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය කියයි.
තරුණියන්ට අයත් බව කියන ටැබ් යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක් සැකකරු විසින් බලෙන් රැගෙන ගොස් ඇතැයිද ඒවා සහ සැකකරුට අයත් බව කියන ජංගම දුරකථන තුනක් ඔහුගේ නිවෙසෙහි තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මුදලට සූදු ක්‍රීඩාවේ නිරත අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
තංගල්ල සහ මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් පරිදි කඹුරුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ සහයෝගයෙන් තංගල්ල සහ මාතර තොරතුරු තාක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ. හර්ෂක, පොලිස් සැරයන් ප්‍රේමසිරි (66038), පොලිස් කොස්තාපල්වරුන් වන සුනිමල් (86585), සුරංග (72360) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
තංගල්ල - සහම්පති මානවඩු
Source - මව්බිම