Mar 18

සාරංග උමාලිගෙන් වෙන් වෙන්නට දික්කසාද නඩුවක් දාලා

සාරංග-උමාලි කැදැල්ල විසි­රෙයි 
අප වෙබ් අඩවිය මුල්වරට
හෙළිකළ පුවත ජාතික පුවත්පත් තහවුරු කරයි

පසුගිය සතිය තුලම අන්තර්ජාලය තුල පුවත් මවපු සාරංග-උමාලි විවාහය දෙදරයි කියන පුවත සම්බන්ධව විවිධ අය විවිධ දේ කිවුවා. සමහරු කිවුවා වගකිමක් නැති ගොසිප් කාරයෙක්  පට්ට පල් බොරු දානවා කියලා. සමහරු ලොකු ලොකු වචන පාවිචිකරලා ලොකු ලොකු දේවල් ලිවුවා. වගකීමෙන් යුතුව අප වාර්තා කළ එම පුවත. සෑබෑවින්ම අපට ලැබුණේ කලා ලොවේ ඇතුලේන්මයි.

කොහොම වුනත් අද වන විට එම පුවතේ දිගුවක් සිළුමිණ පුවත්පත වර්තා කර සිටින්නේ මෙසේය..

අද ඇති වෙලා හෙට නැති වී යන පෙම් කතා කලා ලෝකයේ ඉතා සුලබයි. මේ තමයි මේ දිනවල අහන්න ලැබෙන උණුසුම්ම කට කතාව. කට කතාවක් කිව්වාට අපට ලැබුණු ආරංචියේ හැටියට නම් ඒ කට කතාව බොරුවකුත් නෙමෙයි.

නමුත් මේ දෙපළ ගේ පෙම් කතාව නැත්නම් හදා ගත්තු කැදැල්ල මෙහෙම ඉක්මනින් විසිරෙයි කියලා බොහෝ දෙනෙක් හිතුවේ නැහැ. තවමත් විශ්වාස කරන්නෙත් නැහැ. අප මේ කියන්නේ කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක් වූ සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ තිලකරත්න ගේ විවාහය දෙදරා ගොස් ඇතැයි පැතිර යන ආරංචිය ගැනයි.

ඒ පුවත මේ වන විට සැබෑවක් බව දෙපාර්ශ්වයම පිළිගෙන තිබුණත් ඒ පිළිබඳ වැඩි යමක් ප්‍ර‍කාශ කරන්න සාරංග සහ උමාලී ඉදිරිපත් වී නැහැ. මේ වන විටත් සාරංග උමාලිගෙන් වෙන් වෙන්නට දික්කසාද නඩුවක් පවරා ඇති බව ආරංචි.

ඔහු මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටින අතර මේ සති අන්තයේ ලංකාවට පැමිණිමට නියමිතව ඇත. ඉන් පසු දික්කසාදයට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කෙරෙන බවට ආරංචිය. කෙසේ වෙතත් මේ වන විට උමාලි ද සිය පවුල සමඟ ජපානයේ වාසය කරයි.

මේ දෙදෙනාගේ විවාහය දෙදරා යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ උමාලි සහ නවක නළුවකු අතර වසර දෙකක සිට පවතින ප්‍රේම සම්බන්ධයක් බව පැවසෙයි.

කිහිප විටෙකම මෙම සබඳතාව නවතා දමන මෙන් සාරංග ඉල්ලීම් කර තිබුණද ඊට උමාලිගෙන් යහපත් ප්‍ර‍තිචාර නොලැබුණු නිසා මෙසේ වෙන් වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

සනත් අබේසේකරගේ සඳවත සේයා ටෙලි නාට්‍යයේ පෙම්වතුන් ලෙස රංගනයට එක්වමින් පසුව සෑබෑ ලොවේ පෙම් වතුන් වූ සාරංග උමාලි ගේ ආදර කතාවට ඔවුන් විවාහ වන විට වසර හතකි. මිට වසර තුනකට පෙර විවාහ වූ මේ දෙපළ ගේ තුන් වන විවාහ සංවත්සරය යෙදි තිබුණේ ද පසු ගිය දිනෙකය.

ඔවුන් ගේ වෙන් වීමට හේතු වුවා යැයි කියන ජනප්‍රිය නළුවා සහ උමාලි ගේ පෙම් පලහිලව්ව ඇරඹී ඇත්තේද ඔවුන් දෙදෙනා එක්ව රංගනයේ යෙදුණු ටෙලි නාට්‍යක් නිසාය..පළමු ප්‍රේමයෙන් පැර දී නැවතත් කිසිවකුටත් ආදරය නොකරමි යැයි වරක් පැවසු ජනප්‍රිය නළුවාගේ හිත උමාලි වෙත ඇදි ගොස් අවසන් වූවත්.

පසු ගිය කාලයේ ඔහු ප්‍ර‍කාෂ කළේ උමාලී ගැන ඔහුට ඇත්තේ සහෝදරියක ගේ හැඟීමක් පමණක් හා සාමාන්‍ය හිතවත් කමක් බවයි.. කට කතා ඕනැම කෙනෙකුට පැතිර විය හැකි මුත් එවා තමන් ගණන් නොගන්නා අතර ඉන් තමන්ට කිසිදු හානියක්ද නැති බව ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි. මේ ගැටලුව උග්‍ර‍ වීමට බලපා ඇත්තේ ජනප්‍රිය නළුවා විසින් උමාලිට තෑගි කළ ලේන් පැටියකු බව ද පැවසේ.

සිළුමිණ වේබ් වාර්තාව මෙතනින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.