Aug
23
සණසේ කෝටි 68ක වංචාව තැම්පත් කරැවන් වටලයි
පලාත්සභා ගොඩනැගිල්ල වටලා තිබේ. මෙලෙස වැටලීම කර තිබෙන්නේ මහරගම ,වත්තේගෙදර 532C දරන සණස සමිතියේ බාහිර තැම්පත් කරැවන් විසිනි.
මෙම පිරිස දොරගැලු දමා තිබූ පලාත් සභා ගොඩනැගිල්ලේ ගේට්ටුව කඩා ඇතුලු වී ඇති අතර ගොඩනැගිල්ල වටලමින් මෙම පිරිස පැවසුවේ ඹවුන්ගේ තැම්පත් මුදල් වලින් රැපියල් කෝටි 68කට අධික මුදලක් අදාල ආයතන නිලධාරීන් වංචා කර ඇති බවයි.
පසුව පිරිස හමුවූ ප්‍රධාන අමාත්‍යය ඉසුර දේවප්‍රය මහතා ඹවුන් සමග සාකච්ජා කර පැවසූයේ වංචාව සිදුවූ බවට පවසන සමූපකාර සමිතිය සමූපකාර දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන අවශ්‍යය විමර්ශන සිදු කරන බවයි. මෙහිදී එම විමර්ශන වහා සිදුකරන ලෙස නියෝග කර තිබේ. එහිදී පිරිස් අතර උනුසුම් තත්වයක් උද්ගතව තිබේ.