Oct
14
හමුදා කාර්යයන් සඳහා පුහුණු කරන ලද සුනඛයන්ට වැඩි දියුණු කරන ලද ආරක්‍ෂිත ඇස් කණ්ණාඩි යුගළක් හඳුන්වා දී තිබේ. මෙම හඳුන්වාදීම සිදු කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්හි සිටින සුනඛයන් සඳහාය. වැඩිදියුණු කරන ලද රියලිටි ගූගල්ස් යනුවෙන් හඳුන්වන මේ ඇස් කණ්ණාඩි යුවළක් සුනඛයකුගේ මුහුණට යෙදූ විට ඌට අදාළ කාර්යයට යොමුවීමට හා එම කාර්යය කරගෙන යෑමට මිනිසුන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය නොවන බව සඳහන් වේ.