Oct 14

හමුදා නිල සුනඛයන් සඳහා ඇස් කණ්ණාඩි


හමුදා කාර්යයන් සඳහා පුහුණු කරන ලද සුනඛයන්ට වැඩි දියුණු කරන ලද ආරක්‍ෂිත ඇස් කණ්ණාඩි යුගළක් හඳුන්වා දී තිබේ. මෙම හඳුන්වාදීම සිදු කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවන්හි සිටින සුනඛයන් සඳහාය. වැඩිදියුණු කරන ලද රියලිටි ගූගල්ස් යනුවෙන් හඳුන්වන මේ ඇස් කණ්ණාඩි යුවළක් සුනඛයකුගේ මුහුණට යෙදූ විට ඌට අදාළ කාර්යයට යොමුවීමට හා එම කාර්යය කරගෙන යෑමට මිනිසුන්ගේ මඟ පෙන්වීමක් අවශ්‍ය නොවන බව සඳහන් වේ.

යුද හමුදාවන්හි සේවයට පුහුණු කර ඇති සුනඛයන් වැඩිපුරම යොදා ගැනෙන්නේ පුපුරණ ද්‍රව්‍ය සහ උපද්‍රවකාරී ද්‍රව්‍ය සොයා ගැනීම වැනි කාර්යයන් සඳහාය. එවැනි කාර්යයකට යොදවනු ලැබූ සුනඛයකු මෙහෙය වන්නට සුනඛයා ආසන්නයේ සෙබළුන්ද සිටිය යුතුය. සුනඛයා අසල සිටින සෙබළුන්ට එවැනි අවස්ථාවකදී දෑත් භාවිතයෙන් සංඥා නිකුත් කරමින් හෝ ලේසර් දක්වනයක් භාවිතයෙන් හෝ සුනඛයන් මෙහෙයවන්නට සිදු වේ. වැඩිදියුණු කරන ලද රියැලිටි ගූගල්ස් වර්ගයට අයත් ආරක්ෂක ඇස් කණ්ණාඩි සුනඛයකුට පලඳවන ලද්දේ නම්, සෙබළුන්ට එම සුනඛයා ආසන්නයේ රැඳී සිටීමට හෝ හස්ත සංඥා ලබාදීමට හෝ සිදු නොවේ. වැඩිදියුණු කරන ලද රියැලිටි ගූගල්ස් වර්ගයේ ඇස් කණ්ණාඩිවල අභ්‍යන්තරයේ රඳවා ඇති දෘශ්‍ය දර්ශකයක් නිසා මේ පහසුකම සුනඛයන්ට සැපයේ. නව ඇස් කණ්ණාඩි යුවළක් යෙදූ සුනඛයකු කිසියම් ඉලක්කයක් වෙත යොමුවන අන්දම සෙබළුන්ට ඈත සිටම නිරීක්ෂණය කළ හැකිය. ඒ, එම ඇස් කණ්ණාඩිවලින් නැඟෙන වීඩියෝ දර්ශන පෙළ නැරඹීමට සෙබළුන්ට පහසුකම් සපයා ඇති බැවිනි.

වැඩි දියුණු කරන ලද රියැලිටි ආරක්ෂක ඇස් කණ්ණාඩි යුවළ එක් එක් සුනඛයා සඳහාම සුවිශේෂීව සකස් කිරීමටද පියවර ගැනේ. ඒ නිසා හමුදාමය කටයුතුවලට යොදා ගන්නා සුනඛයන් එම කාර්යයන් සඳහා මෙහෙයවීම ඉදිරියේදී ඉතා පහසු වනු ඇතැයි වැඩිදියුණු කරන ලද රියැලිටි ආරක්ෂක ඇස් කණ්ණාඩි නිර්මාණය කළ ‘කොමාන්ඩ් සයිට්’ (Command Sight) නම් සමාගම පවසයි. එකී සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා පර්යේෂණ විද්‍යාගාරය මගින් කළමනාකරණය කෙරෙන ආයතනයකි.

හමුදාමය කටයුතු සඳහා යොදවන සුනඛයන්ට ආරක්‍ෂිත ඇස් කණ්ණාඩි පැලඳවීම මේ වනවිටත් සිදු කෙරේ. එවැනි සුනඛයන් සඳහා ඇස් කණ්ණාඩි වර්තමානයේදී භාවිතයට ගැනෙන්නේ සුනඛයන්ගේ ඇස් අහිතකර තත්ත්වවලින් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පමණි. නව රියැලිටි ගූගල්ස් භාවිතයට ගැනෙන්නේ එයට වෙනස්ම කාර්යයන් සඳහා බැවින් එය හමුදාවන්ට නව අත්දැකීමක් වනු ඇතැයි කොමාන්ඩ් සයිට් ආයතනයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ජේ. පෙපර් පවසයි. මෙකී නව ඇස් කණ්ණාඩි නිර්මාණය කිරීම සඳහා එක්සත් ජනපද හමුදාවන්හි සිටින සුනඛයන් සෑහෙන සංඛ්‍යාවක් යොදාගෙන පර්‌යේෂණ සිදු කර ඇත.

මංජුලා විජයරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.