Jun 22

මැතිවරණ කොමිසම මෛත‍්‍රීගේ තවත් නීති විරෝධී වැඩක් අත්හිටුවයි


හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තේපැන් සංග‍්‍රහය පවා අත්හිටුවීමට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා පෙරේදා පොලොන්නරුවේදී සංවිධානය කළ රජයේ විශ‍්‍රාමිකයින්ගේ සුහද හමුවටද මෙසේ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ බාධා එල්ල විය.

මේ වන විට මෛති‍්‍රපාල සිරිසේන මහතා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ් බාධා කිරීම් නිසා අඩාල වී ගියේය. තමන්ට එල්ල කෙරෙන බලපෑම් ගැන කනගාටු වන බව හිටපු ජනාධිපතිවරයා පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

‘‘විශ‍්‍රාමිකයින්ගේ යම් යම් ගැටලූ තිබේ නම් ඒවා විසඳන්න මම කැපවෙනවා. මැතිවරණයෙන් පස්සේ ඊට ප‍්‍රමුඛතාව දෙනවා. වර්තමාන රජය විශ‍්‍රාමිකයින්ගේ කටයුතු සම්බන්ධයෙන් ඉතාම හොඳ මැදිහත්වීමක් කරනවා.

තවත් කනගාටුදායක දෙයක් කියන්න ඕන. අද උදේ පාන්දරම මැතිවරණ කොමිසමේ නිලධාරි මහත්වරුන් ඇහුවා එන අයට කන්න දෙනවද කියලා. එතකොට මම කීවා දුරබැහැර ඉඳලා එන අයට කෑම ටිකක් දෙනවා කියලා. එතකොට කීවා කෑමබීම දෙන්නත් බෑ කියලා. ඒ නිලධාරින් අහනවා කන්න බොන්න දීලා අල්ලසුත් දෙනවද කියලා. එතකොට මම කිව්වා මම කවදාවත් අල්ලස් දීලත් නෑ. දෙන්නෙත් නෑ. මේ එන අය විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන් පිරිසක්.

එදා වගේම මම කිව්වා කෑම බීම දෙන එකත් වැරදියි නම් නීතියට ගරු කරලා එකත් නොදී ඉන්නම් කියලා. නමුත් දුර බැහැර ඈත වැලිකන්ද, මාදුරුඔය, ඇළහැර, බකමූණ, මැදිරිගිරිය, ලංකාපුර, හිගුරක්ගොඩ, දිඹුලාගල ඉඳලා එන අයට කෑම ටිකක් තේ ටිකක් දෙන්න එපා කීවාම මට හිතට අමාරුයි. අරලිය හෝටලේට ඇවිල්ලා කේක් කෑල්ලක් බිස්කට් එකක් නොදී යවන එක මට හරිම හිතට අමාරුයි. මැතිවරණ කොමිසමේ සභාපතිට කතා කරන්න උත්සාහ කළා. නමුත් 2.30ට විතර තමයි ගන්න පුළුවන් වුණේ.

පොලොන්නරුව මැතිවරණ කාර්යාලයේ නිලධාරින් කියලා තිබුණා අරලිය හෝටලෙත් ගන්න එපා මැතිවරණ රැස්වීම්වලට කියලා. මම ඒ ගැන මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දුන්නා. එතකොට සභාපතිතුමා මට කිව්වා, හෝටල්වල ශාලාවක් තුළ එහෙම රැුස්වීම් පැවැත්වීමට බාධාවක් නෑ කියලා. මම කනගාටු වෙනවා, මැතිවරණ කොමිසමේ නිලධාරින්ට කවුරුහරි දුරකථන ඇමතුම් දීලා මම මගේ හිතවතුන්ට සංග‍්‍රහ කරන එකත් නීති විරෝධියි කියනවා. මෙහෙම මේ රටේ කවදාවත් වෙලා නෑ. නමුත් මම කනගාටු වෙනවා අරලිය හෝටලයට ඇවිල්ලත් තේ එකක්වත් බොන්න නොදී ඔබට යන්නට සිදු වීම ගැන.

හිටපු ජනාධිපතිවරයා සංවිධානය කළ වැඩසටහන් දෙකක්ම මැතිවරණ කොමිසමේ නිලධාරින් විසින් මේ වන විට අත්හිටුවා ඇත. මීට දින කිහිපයකට පෙර විශ්වවිද්‍යාල සිසුන්ට තිළිණ ප‍්‍රදානයද මැතිවරණ කොමිසමේ නිලධාරින් විසින් අත්හිටවනු ලැබීය.

Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.