Jun
22
"කාදිනල්ගේ දේශපාලනය හිරිකිතයි" හරීන්ගෙන් ප්‍රකාශයක්
පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක වූ 5% ක ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සෘජුව කටයුතු කළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අගරදගුරුතුමන් දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවද ඔහු පැවසීය.
පාස්කු සිදුවීම මූලික කරගෙන අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් විසින් කතෝලික ඡන්ද 5%ක පමාණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මුල් වූ බව ද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ සමගි ජනබලවේගයේ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.
''ගෝඨගේ ගොඩෙන් 5% සජිත්ට වැටුනනම් 47%යි 47%යි.එතකොට දෙවනි මනාපේ.දෙවනි මනාපෙදි ජේවිපි එක ලක්ශ තුනයි ගානක් ගහලා තිබ්බේ සජිත්ට.එහෙනම් සජිත් දිනුම්'' යැයිද ඔහු මෙහිදී කියා සිටියේය.
Source - නෙත් Gossip