Jun 22

වාහන ලීසිංවලට ලැබෙන අලුත්ම සහන මෙන්න


පොදු ප්‍රවාහන සේවාවලට අමතරව වාහන ලීසිං සහනය මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහනවලටද මාස 6ක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්, ලීසිං සහ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීමට පත්කරන ලද කමිටුවේ සභාපති හරිගුප්තා රෝහණධීර මහතා ප්‍රකාශ කළේය.

පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් භාවිත කරන රථවාහන සඳහා මාස 6කට ලීසිං සහන දැනට ලබාදෙන බව ඒ මහතා සඳහන් කරයි.

මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහන සඳහා ලිසිං සහනය මාස තුනකට ලබාදී තිබුණද එම වාහනවලටද මාස 6 ලීසිං සහනය ලබාදෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් සමාජය ක්‍රියාකාරී නොවූ නිසා එම මෝටර් රථ හිමියන්ටද ලැබුණු ආදායම අහිමි වී ගොස් ඇති බව ඔවුහු පෙන්වාදෙන බවද රෝහණධීර මහතා සඳහන් කරයි.

මෝටර් රථ ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, ස්ථීර රැකියාවන්ට අමතර අතිරේක ආදායම් උපයා ගන්නා පිරිස් ඇතුළු කණ්ඩායම්වලට කොරෝනා වයිරසය හේතුවෙන් එම ආදායම් මාර්ග අහිමි වී ඇති නිසා පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් ලබාදෙන මාස 6 ලීසිං සහනය ඔවුන්ටද ලබාදෙන ලෙසට ඉල්ලිම් ඉදිරිපත් වී ඇතැයිද රෝහණධීර මහතා පවසයි.

මෙම ඉල්ලීම් ගැන කමිටුව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, එම කමිටුවට ලීසිං සහ මූල්‍ය ආයතනවල ගැටලු සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි සහ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පුළුල් ලෙස අද හෙටම ලබාදෙන බවද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.