Jun 22

ගිනිඅවි කම්මලක් කතරගමින් අල්ලයි


නිවෙසක තිබූ කම්මලක ගිනිඅවි නිෂ්පාදනය කළ බව කියන කතරගම ප්‍රදේශයේ කම්මල්කරුවකු ගිනිඅවියක්, ජීව පතරොම් ඇතුළු උපකරණ රාශියක් සමඟ ඉකුත්දා (19දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කතරගම කඳවුරේ නිලධාරීහු පවසති.

අත්අඩංගුවට පත්ව ඇත්තේ කතරගම රෝහල පිටුපස නිවෙසක පදිංචි බව කියන 66 හැවිරිදි කම්මල්කරුවෙකි. ටී 56 උණ්ඩ දැමීමට නිෂ්පාදනය කළ ගිනිඅවියක්, ටී 56 ජීව පතරොම් 16ක්, බෙහෙත් කොටන තුවක්කුවලට භාවිත කරන ලී මිටවල් 4ක්, බෙහෙත් කොටන තුවක්කුවලට භාවිත කරන බැරල් 1ක්, ගිනිඅවි නිෂ්පාදනයට යොදා ගත් බව කියන දඬු අඬුවක්, යකඩ කපන කියතක් ඇතුළු උපකරණ මෙම කම්මලේ තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.

කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි තොරතුරු අනුව බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ තවත් සැකකරුවක් එදිනම පෙරවරු කාලයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම ගිනිඅවි කම්මල වැටලීමට නිලධාරීන් සමත් වී තිබිණි. දෙවැනි සැකකරු කතරගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, හම්බන්තොට කලාප අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි විදුරනාත දිසානායක, සහකාර පොලිස් අධිකාරි අබේරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් කතරගම කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්‍ෂක චමින්ද පල්ලියගුරුගේ, පොලිස් පරීක්‍ෂක විජේරත්න, උප පොලිස් පරීක්‍ෂක චාමර, පොලිස් සැරයන්වරුන් වන ජයරත්න (7587), සිටිසේකර (66840), පොලිස් කොස්තාපල් වන බණ්ඩාර (75902), සමීර (88416), රාජපක්‍ෂ (92290) සහ රියැදුරු වජිර (85589) යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

තංගල්ල - සහම්පති මානගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.