May
04
ඇදිරි නීතිය පැනවීම ගැන සුමන්තිරන් මානව හිමිකම් කොමිසමට ගතු කියයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇදිරි නීතිය විරුද්ධව මානව හිමිකම් කොමිසමට ගතු කියයි. එම් .ඒ. සුමන්තිරක් විසින් කොරෝනා වෛරසය පාලනයට ඇදිරිනීතය පැනවීම මානව හිමිකම් කඩවීමක් බවට සදහන් කරමින් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමට ලිපියක් යොමු කර තිබේ.
පිටපත් තුනකින් සමන්විත මෙම ලිපිය මගින් සුමන්තිරන් පෙන්වා දීමට උත්සකර ඇත්තේ නීතිවිරෝධී ආකාරයෙන් රජය විසින් ඇදිරිනීතිය පනවා ඇති බවයි. ඒ අනුව මෙරට ජනාතවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් එම ලිපිය මගින් සුමන්තිරන් පෙන්වා දීමට උත්සහකර තිබේ.
එසේම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ඇදිරි නීතිය කඩ කිරීමට අදාලව අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට ඇප ලබා ගැනීමේදී තමන් මේ පිළිබද තර්ක කළ බවද සුමන්තිරන් සිය ලිපියෙන් මානව හිමිකම් කොමිසමේ අවදානය යොමු කරනු ලැබ තිබේ.
එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා රාමානයක හිටපු මන්තී‍්‍රවරයා ඇදිරි නීතිය පැනවීමට අදාලව නීති කඩ කර ඇති බවයි.
මේ අතර ඔහු නිරෝධායන නීතියට අනුව ඇදිරි නීතිය පැනවීමට හැකියාවක් නොමැති බවත් සුමන්තිරන් වැඩිදුරටත් සිය ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.