May
04
මුහුදු මහ විහාරයේ මහා ඉඩම් මංකොල්ලය නැවැත්වීමට අගමැති පියවර ගනි
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශයින්ම වැදගත් සිද්ධස්ථානයක් විදිහට මුහුදු මහා විහාරය හැදින්විය හැකියි.
මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි තොරතුරු රැසක් පවතින එමෙන්ම තවමත් අනාවරණය කරගැනීමට නොහැකි වූ පුරාවාස්තු රාශියක් මෙම ස්ථානය පවතින බවට විශ්වාස කෙරෙනවා.
පුරාවිද්‍යා දේපාර්තමේන්තුව සතු ලිපි ලේඛණ අනුව 1951 වර්ෂයේදී ගැසට් පත‍්‍රයක් මගින් මුහුදු මහා විහාරයට අක්කර 72 වැඩි වපසරියක් හිමිවන බවට ප‍්‍රකාශයට පත්කෙරනි. එහෙත් පසුව 1965 වර්ෂයේදී නිකුත් කළ ගැසට් පත‍්‍රයට අනුව විහාරයට වෙන්කර ඇති භූමි ප‍්‍රමාණය අක්කර 30කට සීමා කිරීමට එකල බලධාරීන් පියවරගෙන තිබිණි.
එහෙත් ඉකුත් යහපාලන සමයේදී ඉතා තුච්ච ලෙස සිදුවුන ඉඩම් මංකොල්ලයත් ඊට ලැබුණු දේශාපලන ආශිර්වාදයක් නිසා විහාරයට අයත් විශාල භූමියක් ජාවාරම්කරුවන් විසින් විහාරයට අයත් භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීම සිදුවිය.
මේ සම්බන්ධයෙන් විශාල හඩක් නැගුවත් ඒ ගැන තුට්ටුවකට මායිම් නොකළ පාලකියන් ජාවරම්කරුවන්ට රිසිසේ විහාරයට අයත් භූමිය අල්ලා ගැනීමට අවකාශය සලසා දෙමින් ගොලූවන් බිහිරින් සේ කටයුතු කළ අකාරය ඉතාම පිළිකුල් සහගතයි.
ආවාසගෙයට මදක් නුදුරින් ඉදිකර ඇති චෙත්‍ය විනාශ කිරීමට ජාවාරම් කරුවන් ඉතා සූක්ෂම කටයුතු කළ අතර ඒ අනුව චෙත්‍ය පිහිටි ස්ථානය සෝදා යන ආකාරයට වැලිවලින් ගහන වූ භූමිය කපා දැමීම සිදුවිය.
මෙහි ආසන්නතම සිදුවීම වූයේ කොරෝනා වසංගතය පැතිරයාම වැලැක්වීමට ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවේදී ද ජාවාරම්කරවන් ඉඩම් ආක‍්‍රමණය කළ ආකාරය ගැන අපි මීට පෙර ලිපිවලින් අනාවරණය කිරීමට වගබලාගත්තෙමු. එසේම අදාල බලධාරීන් සහ නිළධාරීන් දැනුවත් කිරිමටද අපි කටයුතු කල අතර බුද්ධ සාසන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කල අතර මේ සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු මත වහාම සොයා බලන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය එස්. එම් චද්‍රසේන හට උපදෙස් ලබාදුන් අතර ඒ ගැන සොයා බැලීමට අද (03) අමාත්‍යවරයා සහ නිලධරීන් පැමිණි අතර එහිදී ඉඩම් අල්ලා ගැනීමට සකස්කර තිබූ කම්බි කනු පෙරලා තිබූ ආකාරය දැක ගැනීමට හැකිවිය.
මේ ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සම්බන්ධ කරගනිමින් තත්ත්වය ගැන සාක්ඡුාවක් පැවැත්විය. එහිදී අමාත්‍යවරයාද සිදුවී ඇති විනාශය සියැසින් දැක අවබෝධකර ගත් අතර නිසි ලෙස විහාරය ආරක්ෂා කරගැනීමට ඔහු පොරෙන්දුවක්ද ලබාදුන්නේය.
කෙසේ වෙතත් මේ ගැන අපි නිරන්තර අවධානයෙන් සිටින අතර අපේ උරුමය ඇස්පනා පිට අහිමි වීමට එරෙහිව සියලූදෙනාම නැගී සිටිය යුතුයි.