Ranil Wickramasinghe ලේබලය යටතේ පලකල පුවත් පහතින් දැක්වේ.
Showing posts with label Ranil Wickramasinghe. Show all posts
Jan 09

2005 ජනාධිපතිවරණයේ සෑම පැත්තකම ජයග්‍රහණය හිමිවී තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහටය. මධ්‍යම පන්තිය, ව්‍යාපාරික හා නාගරික කොට්ඨාසවල ජයග්‍රහණය පිළිබඳව එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හා එහි ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට ඉහළින්ම විශ්වාසයක් තිබුණි. සුළු ජාතීන්ගේ ඡන්දවල වාසියද ඒ වනවිට හිමිවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයටය. පක්ෂ විපක්ෂ බොහෝ දෙනකු අතර මතයක් ගොඩනැගී තිබුණේ 2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉහළින්ම ජයගනු ඇති බවය. එජාප නියෝජ්‍ය ලේකම්වරයා ලෙස තිස්ස අත්තනායකට ජනාධිපතිවරණයේදී එජාපයේ බර සම්පූර්ණයෙන් ඉසිලීමට සිදුවිය. එවක එජාප මහ ලේකම්වරයා වූයේ එන්. වී. කේ. කේ. වේරගොඩ මහතාය. ඔහුට තිබුණේ පක්ෂයේ පරිපාලනය පිළිබඳව දැනුමක් මිස මැතිවරණ පිළිබඳව දැනුමක් නොවේය.
Sep 06

අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ.
Sep 04

හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ ස්වාධීන කොමිසන් සභා ඇති කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය උගුලක් බවයි.
Aug 28

හිටපු කථානායක කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය ට විකිණීමේ කුමන්ත්‍රණයක නිරත සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
Aug 26

කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දිය නොහැකි ව්‍යවස්ථාමය බාධාවන් ඇතිවී තිබෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.
Aug 21

මෙවර ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂය සඳහා ලැබී ඇති මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට සූදානම් වන බව සිරිකොත ආරංචි මාර්ග කියයි.
Aug 15

මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
Aug 11

නව නායකයකුට ඉඩ දී තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් නමුත් පක්ෂයට පැහැදිලි නායකත්වයක් පත්වනතුරු නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
Aug 11

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කරන්නැයි වත්මන් එම පක්‍ෂ ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.
Aug 10

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය තමන්ට ලබා දෙන්නැයි එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
Aug 09

එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන තත්ත්වය මත එහි නායකත්වය භාර ගන්නා ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සූදානම් වෙයි.
Aug 09

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Aug 07

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රීධුරය සඳහා මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති දෙපලක් කුලල් කා ගැනීමට පටන් ගෙන ඇති බව එජාප ආරංචිමාර්ග කියයි.
Aug 07

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මනාප ලක්ෂ 05 කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් මිට පෙර රනිල් වික්‍රමසිංහ තබා තිබු මනාප වාර්තාව බිඳ දැමීමට සමත්ව තිබෙනවා.
Aug 06

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
Aug 06

කොළඹ දිස්ත්‍රික්කයෙන් සීයයට 5ක අවම ජන්ද ප්‍රතිශතයක් ලබා නොගත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ මනාප ගණන් කිරිමට උත්සහයක් ගනිමින් සිටින බව සමගී ජනබල වේගය සඳහන් කර සිටිනවා.
Aug 06

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි.
Aug 05

09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරු 05 ට අවසන් වුණා. ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී පෙරවරු 07ට ආරම්භ වූ ඡන්ද විමසීම සාමකාමීව පැවැති බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.
Aug 04

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වඩාත් ආකර්ෂණීය මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේද අනුගමනය කළ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක, නිපුන රණවක යන අයගෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණ දැන්වීම් ආකර්ෂණීය සංකල්ප තිබු බව වෙළඳ දැන්වීම් නිෂ්පාදකවරුන් බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.
Aug 02

එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන් නෙරපා හැරීම ප්‍රමාද කරන්නැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
තව පුවත් කියවන්න » ඊළග පිටුවට යන්න

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.