Aug 04

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ආකර්ෂණීයම ප්‍රචාරණ යාන්ත්‍රණ


මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වඩාත් ආකර්ෂණීය මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේද අනුගමනය කළ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක, නිපුන රණවක යන අයගෙ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරණ දැන්වීම් ආකර්ෂණීය සංකල්ප තිබු බව වෙළඳ දැන්වීම් නිෂ්පාදකවරුන් බොහෝ දෙනාගේ අදහස වී තිබෙනවා.

විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් නිර්මාණය කරන ලද " අප්පච්චි  මළා" සංකල්පය තුළ පෝස්ටරය වඩාත් නිර්මාණශීලී පෝස්ටරය ලෙස වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් සඳහන් කර තිබෙනවා.

වඩාත් ජනහිතකාමී ආකර්ෂණීය තේමා ගීතය අග්‍යමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගීතය නම් කළ හැක.

නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය පුළුල් වුවද ගැමි සමාජය ජීවත්වන තරුණයකු හුවා දැක්වීමට නිර්මාණය කළ ගීතය මහින්ද රාජපක්ෂ මහතාගේ ගීතය මෙන් සුබවාදීව ජනගත නොවිය.

පාඨලී චම්පික රණවක මහතා  තම අනාගත සැලැස්ම පිළිබඳව පුළුල් අවබෝධයක් සහිතව සංකල්පනාත්මක ව ජනතාවට තම දැක්ම වඩාත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කළ දේශපාලනඥයා ලෙස විද්වත් මතයයි.

නිපුන රණවක නම් නවක මාතර දිස්ත්‍රික්ක තරුණ අපේක්ෂකයා නවකයෙකු ලෙස වඩාත් ආකර්ෂණයක් මෙන්ම තමන්ගේ නම සහ අංකය මාතර දිස්ත්‍රික්කය තුළ මෙන්ම රටේ  ජනතාව දන්නා හඳුනන පුද්ගලයෙකු බවට පත්කරගැනීමට මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ දී හැකිවී තිබෙනවා.

 රූපවාහිනී සංවාදාත්මක වැඩසටහන තුළදී සාර්ථකව මුහුණ දුන් අපේක්ෂකයා වන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.

ජාතික තලයේ දේශපාලනඥයින් අතරින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තේමා ගීත නොමැති අපේක්ෂකයන් ලෙස නම් කළ හැක.

ගම්පහ දිස්ත්‍රික්ක අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක අපේක්ෂක රොෂාන් රණසිංහ යන අය මෙවර මැතිවරණයේදි තමන් ට අවාසිදායක ක්‍රම භාවිතාකල දෙදෙනා ලෙස නම් කළ හැක හැක.

 මැතිවරණයේදී තමන්ට තිබූ ජන ආකර්ෂණය සිය මැතිවරණ
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර මැතිවරණය තුළදී මෛත්‍රී මොනවද පොළොන්නරුවට, රටටකරේ යන සංකල්පය පෙරට ගෙන පොලොන්නරුවේ දැවැන්ත සංවර්ධනය ජනතාව තුලට රැගෙන ගොස් සමස්ත රටේ ජනතාවට සිය ධූර කාලය තුළ තමා කළ මෙහෙවර ජනාධිපති දුර කාලය සිටියාට වඩා වඩාත් ආකර්ෂණීය ලෙස සමාජගත කිරීමට හැකි වී තිබෙන බව පෙනී යනවා. ඔහු කළ වැඩකටයුතු එකිනෙක සමාජගත කරන්න මෙවර මැතිවරණ කාල සීමාව පුළුල්ව එතුමා විසින් යොදාගෙන තිබුණා.

කළ වැඩකටයුතු වැඩිම ප්‍රමාණයක් ප්‍රචාරණ යාන්ත්‍රණය ට යොදා ගෙන තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමායි.

මේ අනුව සමස්තයක් ලෙස ගත් කල වඩාත් ඵලදායි මෙන්ම මැතිවරණය තුළදී තමන්ගේ මානාප ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට සිදුකරන ලද ප්‍රචාරණ යාන්ත්‍රණයේ දී සක්‍රීය ව ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වඩාත් සාර්ථක මෙන්ම ආකර්ෂණීය ප්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර පිළිවෙලින් විමල් වීරවංශ මහතා සහ චම්පික රණවක මහතා සමාන තලයේ සිටින අතර තරුණ දේශපාලනඥයෙකු මෙන්ම නවකයකු ලෙස නිපුන රණවක මහතා ප්‍රචාරණ යාන්ත්‍රණය තුලින් සාර්ථකත්වයට පැමිණි නවකයා ලෙස නම් කළ හැක.

- MIT  research unit
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.