Aug
04
"උමාලි එක්ක කිසිම තරහක් නෑ.. අවශ්‍ය දේ අපි කතා බහ කරනවා"
පෙම්වතෙක්, දාමරිකයෙක් වගේම කවටයෙක් යන චරිත තුනටම පණ පොවන්න පුළුවන්නම් ඔහු කලාවේ සියලූ ඉසව් ස්පර්ෂ කරන්නට සමතෙක්. ඒක එහෙම වෙන්න ඕන. මොකද ඔහු කලා පවුලක එකම අංකුරය නිසා.
පහුගිය කාලයේ සිදු වුණ ඇතැම් සිදුවීම් එක්ක ඔහු ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න ගොඩක් මහන්සි වුණා. මේ හැමදෙයකටම ශක්තියක් වුණේ ඇය කියලයිි ඔහු කිව්වෙ. ඒ සැහැල්ලූවෙන් හෙට දිනයේ ඔවුන් එක වහලක් යට යුග දිවිය අරඹාවි.
මොනවගේ අත්දැකීමක්ද?
ඇත්තටම වෙනස් විදිහේ අත්දැකීමක්. ලංකාවේ ටෙලි නාට්‍ය හරහා වැඩිය දැකින්නට නැති දෙයක් ගැන තමයි මේ ටෙලි නාට්‍යයෙන් කතා වෙන්නෙ. පුංචි ළමා ලෝකය වැඩිහිටියන් විසින් තේරුම්
නොගැනීම ගොඩක් ප්‍රශ්නවලට මූලික වෙලා. සමහර දෙමවුපියන් තමන්ට සැබෑකරගන්න බැරිවුණ හීන දරුවන්ගෙන් සැබෑකරගන්න උත්සාහ කරනවා. එතනදි දරුවන්ට විඳින්නට වෙන පීඩා, හිරිහැර ආදිය ගෙනහැර දක්වමින් සම්මත රාමුවෙන් පිට හිතන කතාවක් විදිහට වගේම පවුලේ සියලූ දෙනාටම එක වගේ රසවිඳින්න පුළුවන් ටෙලි නාට්‍යයක් විදිහටත් ‘අකුරු මැකී නෑ’ මම දකිනවා.
තවම කොටස් කිහිපයයි. කොහොමද ප්‍රතිචාර?
ඉතාම හොඳයි. අපි බලාපොරොත්තු නොවුණ තරම්. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යක් ජනපි‍්‍රය තත්ත්වයට පත්වෙන්න සති තුන හතරක් යනවනෙ. නමුත් මේ ටෙලි නාට්‍යයට සතියක් ඇතුළත දෙස් විදෙස්වලින් විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්ත. විශේෂයෙන්ම ලංකාව ගැන අත්දැකීම් නැති විදෙස්ගත ශ්‍රී ලාංකික දරු දැරියන් බොහොම ආසාවෙන් නරඹන බව දුරකතන මගින් කතාකරල අපිට කිව්වා. ඒ වගේම දිනක්ෂි සහ ඒ දරුවා අතර තියෙන ගුරුගෝල සම්බන්ධතාව දකින බොහෝ දෙනෙක් කිව්වෙ අපිටත් ඒ වගේ ගුරුවරයෙක් හිටියනම් අපේ ජීවිතත් මීට වඩා වෙනස් වෙන්න තිබුණ කියලා.
ඇයි මේ ටෙලි නාට්‍යවල විතරක් වැඩිපුර දකින්න ලැබෙන්නෙ?
ඇත්තටම වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලි නාට්‍යවලට. ඒ අතර පිරිමියෙක්ගෙන් පැමිණීල්ලක්, මාර හොරු වේදිකා නාට්‍ය දෙකටත් සම්බන්ධ වෙනවා. ඉදිරියටත් එවැනි ආරාධනා ලැබිල තියෙනවා. සිනමාව පැත්තෙන් ගත්තොත් ප්‍රිස්ම, ආශාවරී, තානාපතිලාගේ ගෙදර යන සිනමා නිර්මාණ ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.
සාරංග කියන්නෙ ලැබෙන ඕනෑම චරිතයක් භාරගන්න කෙනෙක්ද?
මුල්කාලෙ නම් භාර නොගත යුතුයි කියල හිතෙන චරිත තිබුණෙ නැති තරම්. නමුත් මේ වෙනකොට යම් තෝරා බේරා ගැනීමක් කරනවා.
ඔබට අභියෝගයක් වුණ චරිතයක් මෙතෙක් ලැබුණෙ නැද්ද?
ඔව්. අභියෝගාත්මක චරිත ලැබිල තියෙනවා. ඒ වගේම චරිත කොපමණ කරල තිබුණත් ලැබෙන ඕනෑම චරිතයකදි මම මටම අභිගෝගයක් වෙනවා.
රංගන ශිල්පියකුට වෘත්තීමය වශයෙන් පවතින්න පුළුවන්ද?
ඔව්. ඒක තර්ක කරන්න පුළුවන්. ලංකාවේ සුරක්ෂිත බවක් නැති වෘත්තියක් විදිහට තමයි කලාව සැළකෙන්නෙ. කලාකරුවෙක් වුණාම හැකියාවන්ගෙන් සන්නද්ධ වෙන්න ඕන. ලැබෙන සුළු චරිතයකින් වුණත් උපරිමය දෙන්න ඕන. එහෙම වුණාම පැවැත්ම ගැන සැකයක් ඇතිවෙන්නෙ නෑ. මම හැමදාම විශ්වාස කළේ ඒ දේ.
ඔබට කැපිලි කෙටිලි තිබුණෙ නැද්ද?
කැපිලි කෙටිලි තියෙන්න ඇති. හැබැයි මම දන්නෙ නෑ. ඒ ගැන මගේ උනන්දුවක් තිබුණෙත් නැහැ. මම තුළ තියෙන හැකියාව වර්ධනය කරගන්න පුළුවන්නම් කාගෙවත් කැපිලිවලින් වට්ටන්න බැහැ.
ළඟදීම පිළිවෙළක් වෙන්න යනව කියල ආරංචියි?
ම්… ම්… ම්… අළුතෙන් පිළිවෙළක් වෙන්න දෙයක් නෑ. කොහොමටත් පිළිවෙළට තමයි ඉන්නෙ. මෙහෙමයි… ළඟදි කියල කියන්න අමාරුයි මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක. ලොකුවට වෙඩින් එකක් ගන්න එක කොහොම වුණත් අපි බඳිනවා.
දිනක්ෂිට පරණ දේවල් අදාළම නැද්ද?
අදාළයි කියන්නෙ එයා මං ගැන දැනුවත්නෙ. මම කලින් කසාද බැඳල ඩිවෝස් වුණ කෙනෙක් බව එයා දන්නවා. එතනින් එහාට දෙයක් නෑ. වටපිට අය වගේම සමාජයේ අය තමයි ඒ දෙවල් අදාළ කරගෙන තියෙන්නෙ. මමනම් කියන්නෙ අපිට ප්‍රශ්නයක් නැති දේවල් එයාල ප්‍රශ්නයක් හැටියට හිතන එක අපරාධයක්. සමහරු එයාලගෙ ප්‍රශ්න අමතක කරන්න අපේ දේවල් ප්‍රශ්නයක් කරගන්නවා. කමක් නෑ ඉතින්… ඒකෙන් අපිට පිනක්වත් සිද්ධ වෙයිනෙ.
උමාලි සමග අද ඔබ අමනාපෙන්ද?
අපෝ එහෙම කිසිම තරහක් අපි අතර නෑ. එයාගෙ ෆේස්බුක් ගිණුමෙ මම ඉන්නවා. මගේ එකෙත් ඇය ඉන්නවා. ඒ වගේම අවශ්‍ය දේට අපි කතා බහ කරනවා.
ජීවිතේ ගත්ත තීරණ ගැන පසුතැවීමක් ඇතිවුණ අවස්ථා තියෙනවද?
කිසිම පසුතැවීමක් නෑ. ඒ හැමදේම ජීවිතේ අත්දැකීම් හැටියටයි මම දකින්නෙ. වෙන්න තියෙන දේ සිද්ධ වෙනවා. ඒ දේවල් හොඳ විදිහට බාරගන්න එක තමයි අපි කරන්න ඕන. තමන්ට අකටයුත්තක් සිදුවෙන දෙයක් අපේ ජීවිතවල තියෙනවනම් අපි ඒ දේවල් ඈත් කරන්න ඕන කියලයි මම නම් හිතන්නෙ.
කටකතා මඩ ප්‍රචාරවලට බයද?
බයක් නෑ. හිත කැඩෙන වෙලාවල්, කලබල වෙන වෙලාවල්, දුක හිතෙන වෙලාවල් නම් තිබුණා. නමුත් ඒ අවස්ථාවන් වලදි ඒවා සාමාන්‍ය තත්ත්වයෙන් දකින්න දිනක්ෂි මට ලොකු පිටිවහලක් වුණා.
සාරංග දැන් ක්ෂේත්රයේ ස්ථාවර තැනක ඉන්නවද?
ඔව්. මම එහෙම හිතනවා. මොකද මෙතෙක් කලක් මම වෘත්තීයමය වශයෙන් කරගෙන ආපු දේවල් අඩුවක් වුණේ නෑ. සුළු දේකින් වුණත් වෙනස් දෙයක් කරන්න මම හැම වෙලාවෙම උත්සාහ කළා. මගේ දක්ෂතාවක් දකින නිසානෙ නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙ. ඉතින් ඒ ස්ථාවරත්වය රැකගන්න මම ගොඩක් මහන්සි වෙනවා.
- මහේෂ් එදිරිසිංහ