Sep
06
එජාප ජාතික ලැයිස්තුවට එහි නායක රනිල්ගේ නම යෝජනා වෙයි..!
අවසන් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ.
මේ මොහොතේ වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යා යුතු බවට වන හේතුව ලෙස දක්වා ඇත්තේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.
එක්සත් ජාතික පක්ෂය තුළ පමණක් නොව පාර්ලිමේන්තුවේ 225 තුළම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති,සංශෝධන ගැන දන්නා දක්ෂම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
මෙවැනි මොහොතක ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් හොඳින්ම දන්නා පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යා යුතු බවටයි යෝජනා වී තිබෙන්නේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිය කැමැත්ත තවමත් පළකර නැති බව සඳහන්.
අද (06) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ 74 වැනි සංවත්සරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මේ බව අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,”අපි ටීම් එකක් හදනකොට හොඳ ක්‍රීඩකයොනෙ ගහන්නේ. එහෙම නැතිව නම්වලට ගහන්නේ නැහැ. එහෙම නැත්නම් පරම්පරාවට ගහන්නෙත් නැහැ. අපි හැම වෙලාවේම බලන්නේ හොඳ ටීම් එකක් හදන්න. මේකෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අපිත් කියන්නේ යන්න කියල” යනුවෙනි.