Jan
09
2005 ජනාධිපතිවරණයේ සෑම පැත්තකම ජයග්‍රහණය හිමිවී තිබුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහටය. මධ්‍යම පන්තිය, ව්‍යාපාරික හා නාගරික කොට්ඨාසවල ජයග්‍රහණය පිළිබඳව එජාප ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හා එහි ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට ඉහළින්ම විශ්වාසයක් තිබුණි. සුළු ජාතීන්ගේ ඡන්දවල වාසියද ඒ වනවිට හිමිවී තිබුණේ එක්සත් ජාතික පක්ෂයටය. පක්ෂ විපක්ෂ බොහෝ දෙනකු අතර මතයක් ගොඩනැගී තිබුණේ 2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉහළින්ම ජයගනු ඇති බවය. එජාප නියෝජ්‍ය ලේකම්වරයා ලෙස තිස්ස අත්තනායකට ජනාධිපතිවරණයේදී එජාපයේ බර සම්පූර්ණයෙන් ඉසිලීමට සිදුවිය. එවක එජාප මහ ලේකම්වරයා වූයේ එන්. වී. කේ. කේ. වේරගොඩ මහතාය. ඔහුට තිබුණේ පක්ෂයේ පරිපාලනය පිළිබඳව දැනුමක් මිස මැතිවරණ පිළිබඳව දැනුමක් නොවේය.