Jan 29

පානදුර පල්ලෙමුල්ලේ වෙ#ඩි තැබීමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට


ගිනි අවිය සුසාන භූමියකින්


යතුරුපැදිය ගඟකින් සොයාගනී

පානදුර පල්ලියමුල්ල ප‍්‍රදේශයේදී දෙනෝදාහක් දෙනා බලා සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු සමඟ ඝාතනයට යොදා ගත් ටී56 ගිනි අවිය සහ යතුරුපැදිය පොලිසිය මගින් ඊයේ (28 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සිදු කළ කුලී ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව හෙළිකර ගත් පොලිසිය ඔහු රඳවා සිටින කුටිය පරීක්ෂා කර එහි සඟවා තිබූ ඝාතන මෙහෙයුමට යොදාගත් ජංගම දුරකථනය ද පොලිසිය සොයා ගෙන ඇත.

විදේශගතව සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අවශ්‍යතාව මත මෙම ඝාතනය සිදු වී ඇති බව ද පොලිසිය පවසයි.

මෙහිදී ඝාතනය කිරීමට නියමිතව සිටි පුද්ගලයා නොව ඔහුගේ මිතුරා කුලී ඝාතකයන් විසින් මරා දමා ඇති බව ද පොලිසිය මේ වනතුරු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත. මේ අතර ඝාතනය සඳහා යොදාගත් ටී56 ගිනි අවිය පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ පානදුර කිරිබේරිය ප‍්‍රදේශයේ සොහොන් පිටියක සඟවා තිබියදීය.

ඝාතකයන් මෙම මිනීමැරුම සඳහා පැමිණි යතුරුපැදිය ද පානදුර ප‍්‍රදේශයේ ගඟක ගිල්වා තිබියදී පොලිසිය මගින් කිමිදුම්කරුවන් යොදාගෙන ඊයේ සවස සොයාගෙන ඇත.

පානදුර පල්ලියමුල්ල ප‍්‍රදේශයේ ධාවනය වූ ති‍්‍රරෝද රථයක් ලූහුබැඳ ගිය ඝාතකයන් ඉකුත් 25 වැනිදා උදෑසන එල්ල කළ ප‍්‍රහාරයකින් ලක්ෂිත නොහොත් ලසා නමැති අයකු ඝාතනයට ලක් විය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී මෙම කුලී ඝාතකයන් දෙදෙනාට නවාතැන් පහසුකම් ලබාදුන් විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරියකුගේ පුත‍්‍රයකු සහ ඔත්තු බැලූ පුද්ගලයන් දෙදෙනකු මෙන්ම ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව ද පොලිසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත පොලිස් කණ්ඩායම් 6 ක් පරීක්ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු, බණ්ඩාරගම - ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.