Jan 25

ලංකාවේ පෙම ප්‍රංශයේදී ලෙයින් තෙත්වෙයි !


කාර්තිකා යාපනය අලම්පිඞ්ඩි ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. වයස අවුරුදු 20 කි. එම ප‍්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබූ ඇයගේ එකම සිහිනය වූයේ වෛද්‍යවරියක් වීමයි.

සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වූ ඇය උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරුවාය. ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කළත් ඇයට උසස් පෙළ උසස් ලෙස සමත් වීමට නොහැකි වූවාය. එම නිසා ඇයට සරසවි අහිමි විය.

සරසවි වරම් අහිමිවීමත් තම සිහිනය ඉටු කර ගැනීමට නොහැකි වීමත් නිසා ඇය සිටියේ දැඩි කනස්සල්ලෙනි. මාස කීපයක් ඇය එලෙස සිටියාය.

‘‘දුක් වීමෙන් පලක් නොමැත. කෙලෙස හෝ තම සිහින සැබෑ කර ගත යුතුයි.” අවසානයේ ඇය එලෙස සිතුවාය. ඒ අනුව ඇය විදේශීය රටකට ගොස් වෛද්‍ය උපාධිය හැදෑරීමට තීරණය කළාය. ඇයගේ ඥාතීන් රැසක් ජීවත්වන්නේ ප‍්‍රංශයේ. ඒ අනුව තම අවශ්‍යතාව ඇය සිය ඥාතීන්ට පැවසුවාය.

කාර්තිකාගේ ඥාතීහු ඇයගේ සුදුසුකම්වලට අනුව වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ප‍්‍රංශයේ හොඳම සරසවියක් තෝරා දුන්හ. ඒ අනුව එම සරසවියට ඇය අයැදුම්පතක් යොමු කළාය. අයැදුම්පතේ සුදුසුකම් වලට අනුව එම සරසවියෙන් වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ඇයව තෝරාගෙන තිබුණි. එම නිසා 2019 වර්ෂයේ මව් රට අතහැර ඇය ප‍්‍රංශය බලා ගියේ වෛද්‍යවරියක් වීමේ අරමුණිනි. ස්නෙහා චන්දරාසා යාපනය මන්ඩුවිල් ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. වයස අවුරුදු 19කි. ඇයගේ එකම සිහිනය වූයේද වෛද්‍යවරියක වීමයි.

යමක් කමක් දන්නා වයසේ සිටම ඇය දෙමව්පියන්ට පැවසුවේ ”තමා වෛද්‍ය උපාධිය හදාරන්නේ පිටරටක බවයි.” ඇයගේ ඥාතීන් සිටියේද ප‍්‍රංශයේය. උසස් පෙළ උසස් ලෙස සමත් වූ ඇයද වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා තෝරා ගත්තේ ප‍්‍රංශයයි. ඒ අනුව ඇය ද 2019 වර්ෂයේ ප‍්‍රංශය බලා ගියේ වෛද්‍යවරියක වීමේ අරමුණිනි. කාර්තිකා සහ චන්දරාසලා මෙරට හැදී වැඩුණේ දැඩි සංස්කෘතිකට අනුව දෙමව්පියන්ගේ සෙවණේය. එලෙස හැදුණු වැඩුණු ඔවුන් විදේශීය රටකට ගිය පසු උපරිම නිදහසක් ලැබුවාය. ඒ අනුව ඉගෙනීම සමග තම සංස්කෘතියෙන් ඔබ්බට ගොස් නිදහසේ ජීවත් වීමට ද ඔවුන් දෙදෙනා කටයුතු කළාය. එම සරසවියේ ඉගෙනගත් අන් තරුණියන්ට මෙන්ම ඔවුන් දෙදෙනාටද පෙම්වතුන් සිටියාය. එම පෙම්වතුන් දෙදෙනාද එම සරසවියේම අධ්‍යාපනය හදාරන ශ‍්‍රී ලාංකික දෙමළ තරුණයන්ය. කාර්තිකා ගේ පෙම්වතා වූයේ යෝගේෂ්වරන්ය. ඔහුගේ වයස අවුරුදු විසිතුනකි. වයසට වඩා පෙනුමක් තිබුණු යෝගේෂ්වරන් ජීවත් වූයේ යුරෝපීය සංස්කෘතියට අනුවයි.

ප‍්‍රභූ, චන්දරාසාගේ පෙම්වතාය. ඔහුගේ වයස අවුරුදු 24 කි. වසර ගණනක සිට ඔහු ජීවත් වූයේ ප‍්‍රංශයේය. එමනිසා ඔහු ද දෙමළ සංස්කෘතිය අතහැර යුරෝපීය සංස්කෘතිය වැළඳගෙන තිබුණි. ලද සෑම මොහොතකම විනෝද චාරිකා යෑම, නිදහසේ පෙම් සුව විඳීමට මොවුහු පුරුදු වී සිටියහ. කිසිවෙකුගෙන්වත් ඒ සඳහා බාධාවක් නොතිබුණි. පුදුමයටනම් කරුණ මෙම තරුණියන් දෙදෙනාගේම පෙම්වතුන් කුකුල් කේන්ති කාරයන් වීමයි. පොඩි හෝ වරදක් දුටු කල මෙම පෙම්වතුන් දෙදෙනා තම පෙම්වතියන්ට පහර දුන්නේ තිරිසනුන් මෙන්ය. ආදරය වෙනුවෙන් ඒ සියල්ල විඳ දරාගෙන සිටීමට මෙම තරුණියන් දෙදෙනා පුරුදු වී සිටියාය.

කලක් එලෙස ගත විය. දැනට සති තුනකට පමණ පෙර සිට චන්දරාසා සහ ප‍්‍රභූ අතර විරසකයක් ඇති වී තිබුණි. ඒ පෞද්ගලික හේතුවක් මුල් කර ගෙනයි. එය එන්න එන්නම දරුණු විය. යහළු යෙහෙළියන් ඉදිරිපත් වුවත් එය විසඳීමට නොහැකි විය. දිනය පසුගිය 8 වැනිදා ය. එදින දෙදෙනා අතර තිබුණු විරසකය තවත් උග‍්‍ර විය. එදින ප‍්‍රභූ සිටියේ තම පෙම්වතිය සමග දැඩි කේන්තියකිනි.

‘‘අද දෙකෙන් එකක් බේර ගන්නවා.” එලෙස සිතූ ප‍්‍රභූ, චන්දරාසා සොයාගෙන ඇයගේ නැවතුම්පළට පැමිණියේය. එලෙස පැමිණි ප‍්‍රභූ සහ චන්දරාසා අතර බහින්බස් වීමක් ඇති වූහ.

එම බහින්බස්වීම එන්න එන්නම දරුණු තත්ත්වයට හැරිණි. අවසානයේ ඔහු විසින් ඇයට පහරවල් කීපයක් ද එල්ල කළේය. ගුටිකෑම ඉවසා ගැනීමට නොහැකි වූ තැන චන්දරාසා ”ප‍්‍රභූ මට කරදර නොකර මගේ ජීවිතයෙන් ඈත් වෙන්න. හැමදාම ඔයාගෙන් ගුටි කකා මට ජීවත් වෙන්න බැහැ.” එම වචන ඇසීමෙන් ඔහුගේ කේන්තිය දෙගුණ තෙගුණ විය.

‘‘උඹ දැන් කියන්නේ ඒකද. හිටපන් මම උඹට හොඳ වැඩක් කරන්නම්. ජීවිතයට අමතක නොවන.” ආවේගශීලීව එලෙස පැවසූ ප‍්‍රභූ ඇයගේ ගෙල සිරකරගෙන තව මොන මොනවා ද පැවසුවාය. හැඩිදැඩි ප‍්‍රභූගේ ගහනයෙන් මිදීමට ඇය අනේක වාරයක් උත්සාහ කළාය. එහෙත් පලක් නොවිණි.

තිරිසන් සතෙකු මෙන් හැසුරුණු ප‍්‍රභූ ප‍්‍රාණය නිරුද්ධ වනතුරු ඇයගේ ගෙල සිරකරගෙන සිටියේය. එලෙස ඇය ඝාතනය කළ ඔහු එම ස්ථානයෙන් හොර රහසේම පැන ගත්තේය.

චන්දරාසාගේ ඝාතනය සිදුවී දින පහකට පසු එනම් පසුගිය 13 වැනිදා කාර්තිකාවද ඝාතනය කර තිබුණි. ඒ ඇයගේ පෙම්වතා විසින්ය. කාර්තිකාව ඝාතනය කර තිබුණේ ඉතා කෲර ලෙස වධ හිංසා වලට ලක් කිරීමෙන් පසුවයි. ඇයගේ ශරීරයේ දරුණු පිහි ඇනුම් පහරවල් කිහිපයක් ද තිබුණි. එලෙස කාර්තිකාව ඝාතනය කළ ඇගේ පෙම්වතා ද පලා ගොස් තිබුණි.

මෙම ලිපිය ලියන මොහොත විටත් එම ඝාතන දෙක සිදුකළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ප‍්‍රංශ පොලිසියට නොහැකි වී තිබුණි. මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ප‍්‍රංශ ප‍්‍රාන්ත පොලිසියේ නිලධාරියෙක් පවසා සිටියේ ”මියගිය තරුණියන් දෙදෙනා ළඟ තිබී සොයාගත් පෙම්වතුන්ගේ ඡායාරූප ඔස්සේ, සීසීටීවී කැමරාවල ආධාරයෙන් සැකකරුවන් සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.” වෛද්‍යවරියන් වීමේ සිහිනෙන් මව්බිම් අතහැර විදේශීය රටකට ගොස් අධ්‍යාපනය හැදෑරූ එම තරුණියන් දෙදෙනාට අවසානයේ අත්වූයේ එවැනි ඛේදජනක ඉරණමකි. විදෙස් රටවල අධ්‍යාපනය හදාරන අනෙක් තරුණියන්ට ද මෙම ඝාතන දෙක පාඩමක් වනු ඇත. ඒ මන්දයත් තවත් මෙවැනි නරුම පෙම්වතුන් සිටිය හැකි නිසාවෙනි.

ගයාන් සමරසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.