Jan 25

මුහුණුපොතෙන් හඳුනාගත් 7දෙනෙක් හැඩිගල්ලේ නිධන් හාරන්න ගිහින් මාට්ටු


නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනකු මෝටර් රථ දෙකක් ඇතුළු උපකරණ තොගයක් සමගින් 23 වැනිදා රාති‍්‍ර හැඩිගල්ල, පුවක්දොල රක්‍ෂිතයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සෙවනගල, පන්නල, වලස්මුල්ල, තෙලිජ්ජවිල සහ බදුරලිය ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28ත් 42ත් අතර වයසේ පසුවන පුද්ගලයන් බව සඳහන්ය. ඔවුන් අතර සිටි බැව් සඳහන් කට්ටඩියකු යැයි කියාගන්නා පුද්ගලයකු වැටලීම සිදුකරන විට පලාගොස් සිට ඇත.

ලද තොරතුරක් මත පොලිස් පරීක්‍ෂක තිලංග සංජීව ඇතුළු පොලිස් කණ්ඩායම බදුරලිය, හැඩිගල්ල රක්‍ෂිතයේ පුවක්දොල පාරේ එදින රාති‍්‍ර 10.00ට පමණ ස්ථානය වටලන විට මෝටර් රථ 02ක්, ති‍්‍රශූලයක්, අලවංගුවක්, වයර් කෝඞ් 01ක්, කාලිමැණියන්ගේ දේව රූප, රතු සුදු ඇඳුම්, පළතුරු වට්ටි කිහිපයක්, විවිධ වර්ගයේ තෙල් බෝතල්, කට්ටකුමන්ජල්, සුදු නූල් ඇතුළු පූජා භාණ්ඩ තොගයක් සමගින් නිධානය ගැනීමට සූදානමින් සිටි සැකකරුවන් හත්දෙනා පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මුහුණු පොතෙන් හඳුනාගත් පිරිසක් බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් වෙඩි බෙහෙත් යොදා රක්‍ෂිතයේ දොලපාරේ කළුගල් තලාවක කැණීමක් කර ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුවන් බදුරලිය පොලිසියට භාරදී ඇත. ඔවුන් මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික පි‍්‍රයන්ත, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිලංග සංජීව මහතාගේ ප‍්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක ඉන්දික මුණසිංහ, සැරයන්වරුන් වන සමන් (27118), රත්නායක (37109), ගුණවර්ධන (44817), සරත් (49251), පි‍්‍රයන්ත (95150) සහ පො.කො.රි. කිත්සිරි (36218) යන මහත්වරු වැටලීමට එක්වූහ.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක - බණ්ඩාරගම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.